දිට්වා සුළි කුණාටුවෙන් දිවි අහිමි වූවන් සිහි කර පාර්ලිමේන්තුව විනාඩියක් නිහඬ වෙයි

Report

දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ජීවිත අහිමි වූ පුද්ගලයින්ට ශෝකය පළ කරමින් අද (27) පෙරවරුවේ පාර්ලිමේන්තුවේදී විනාඩියක නිහඬතාවක් පවත්වා තිබේ.

ඒ, අද පෙරවරුවේ පාර්ලිමේන්තු කටයුතු ආරම්භ කිරීම සඳහා සභාව රැස්වූ අවස්ථාවේදීය.

2025 නොවැම්බර් 26 වැනිදා ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ මුහුදු ප්‍රදේශයේ හටගත් අඩු පීඩන කලාපය පසුව ‘දිට්වා’ නමින් හැඳින්වූ ප්‍රබල සුළි කුණාටුවක් බවට වර්ධනය විය.

එහි බලපෑම දිවයිනේ ප්‍රදේශ රැසකට දැඩි ලෙස එල්ල විය. එම කාලගුණික තත්ත්වය හේතුවෙන් පැය 24ක් තුළ ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 540ක් දක්වා වූ අධික වර්ෂාපතනයක් ලැබී තිබූ අතර, දිස්ත්‍රික්ක 25න් 22කටම එහි බලපෑම් එල්ල විය. අධික වර්ෂාව, තද සුළං සහ නායයෑම් හේතුවෙන් මාර්ග, නිවාස සහ වගාබිම් රැසකට හානි සිදුවිය.

එම ආපදා තත්ත්වයෙන් පුද්ගලයින් 650කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර, තවත් පුද්ගලයින් 173කට ආසන්න පිරිසක් අතුරුදන්ව සිටිති.

පාර්ලිමේන්තුව ඇරඹෙයි - 2027 අයවැය විවාදයේ පස්වැනි දිනය අද [LIVE

පාර්ලිමේන්තුව ඇරඹෙයි - 2027 අයවැය විවාදයේ පස්වැනි දිනය අද [LIVE

මෙවර අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාග කාලසටහන – විෂයයන්, දිනයන් සහ වේලාවන් පිළිබඳ නිල විස්තර මෙන්න

මෙවර අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාග කාලසටහන – විෂයයන්, දිනයන් සහ වේලාවන් පිළිබඳ නිල විස්තර මෙන්න