පාර්ලිමේන්තුවේ දී අසභ්‍ය දසුන් නැරඹූ ප්‍රබලයෙක් හදිසියේම ඉල්ලා අස් වෙයි..

By krishani May 01, 2022 07:18 AM GMT
krishani

krishani

Report

බ්‍රිතාන්‍යය පාර්ලිමේන්තුව තුළ අසභ්‍ය දසුන් නැරඹු බවට චෝදනා එල්ල වූ පාලක කොන්සවේටිව් පක්ෂ මන්ත්‍රී නීල් පැරිෂ් එම ක්‍රියාව පිළිබඳව විමර්ශනයක් ආරම්භ කර තිබෙන පසුබිමක වරද පිළිගනිමින් මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ.

BBC මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ තමා පාර්ලිමේන්තුව තුළ දෙවරක් අසැබි දසුන් නරඹා ඇති බවය. පළමු වර එය සිදුවූයේ අහම්බයකින් බවත් දෙවන වර හිතාමතා සිදුකළ බවත් ඔහු මෙහිදී පවසා ඇත.

නීල් පැරිෂ් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කරමින් ඔහුට පාර්ලිමේන්තුව තහනම් කිරීමට පියවර ගත් බව කොන්සවේටිව් පක්ෂය පසුගියදා නිවේදනය කළ අතර පාර්ලිමේන්තුවේ නීල් පැරිෂ් අසල අසුන් ගෙන සිටි කාන්තා සඟයන් දෙදෙනෙකු ඔහු දුරකථනයෙන් අසැබි දසුන් නරඹන අයුරු ඔවුන් දුටු බව පැවසීමෙන් අනතුරුවය.

කොන්සවේටිව් පක්ෂ නායක බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් ද ඔහුගේ ක්‍රියාව කිසිසේත් පිළිගත නොහැකි බව පවසා සිටින අතර කෙසේ වෙතත් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු ආචාරධර්ම කමිටුවේ විමර්ශනය අවසන් වීමටත් පෙර නීල් පැරිෂ් සිය වරද පිළිගෙන මන්ත්‍රී ධුරයෙන් ඉවත්වීමට කටයුතු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join