පාර්ලිමේන්තු වෙබ් අඩවියෙන් තවත් ප්‍රබලයින් දෙදෙනෙකුගේ පට්ටම් දෙකක් ගැලවෙයි.

Report

පාර්ලිමේන්තුවේ වෙබ් අඩවියේ අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාගේ නම ඉදිරියෙන්ද ආචාර්ය උපාධියක් සඳහන්ව තිබී ඉවත් කර තිබෙනවා

සභානායක කාර්යාලය ඒවා තිබූ ලිපියක තොරතුරු අනුව පාර්ලිමේන්තු වෙබ් අඩවියේ නානායක්කාරගේ නම ඉදිරියේ එලෙස ආචාර්ය උපාධිය සඳහන් කර තිබූ අතර හර්ෂන නානායක්කාර මහතා පෞද්ගලිකව ආචාර උපාධියක් ගැන සඳහන් කර ලිපියක් භාරදී නොතිබූ බවයි ආරංචි මාර්ග පවසන්නේ.

මුළු දිවයිනම ආවරණය කරමින් අලුත් රජයෙන් කරන්න යන දේ. - පෞද්ගලික තොරතුරු වලට රජයෙන් වග කියයි.

මුළු දිවයිනම ආවරණය කරමින් අලුත් රජයෙන් කරන්න යන දේ. - පෞද්ගලික තොරතුරු වලට රජයෙන් වග කියයි.

එමෙන්ම පාර්ලිමේන්තු වෙබ් අඩවියේ මන්ත්‍රීවරුන්ගේ විස්තර නිවැරදිව සටහන්ව තිබේදැයි පූර්ණ සොයාබැලීමක් කරන ලෙස පාර්ලිමේන්තු ප්‍රධානීන් එම වෙබ් අඩවිය බාර නිලධාරීන්ට දැනුම් දී ඇති අතර වෙබ් අඩවියේ වැරදි ලෙස සටහන්ව තිබූ තොරතුරු කිහිපයක් සංශෝධනය කර ඇති බවත් සඳහන්.

මේ අතර ජාතික ජනබලවේගයේ ප්‍රබලයෙකු වන අනුර කරුණාතිලක , කැලණිය විශ්වවිද්‍යාලයේ ගණිත අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙකි. ඔහු ආචාර්ය උපාධියක් ලබා ඇති බවට ප්‍රචාරය කෙරුණ ද, ඔහු තවමත් එම උපාධිය සම්පූර්ණ කර නොමැති බවට තොරතුරු ලැබී ඇත.

මේ අනුව වෙබ් අඩවියේ වැරදි ලෙස සටහන්ව තිබූ තොරතුරු කිහිපයක් සංශෝධනය කර ඇතැයි දැනගන්නට ඇත.