2025 වර්ෂයේ පළමු මාස 04 සඳහා අතුරු සම්මත ගිණුම පාර්ලිමේන්තුවට. (LIVE VIDEO)
2025 වර්ෂයේ පළමු මාස 04 සඳහා රජයේ කාර්යයන් සහ ණය සේවාකරණය අඛණ්ඩව කරගෙන යාම සඳහා අතුරු සම්මත ගිණුම අද (05) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලබයි.
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය විසින් අතුරු සම්මත ගිණුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන අතර අද සහ හෙට (06) යන දෙදින තුළ ඊට අදාළ විවාදය පැවැත්වීමට නියමිතයි.

ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ සිදු වූ අවප්‍රමාණයත් සමඟ ලංකාව නිකුත් කළ නිල විනිමය අනුපාත වාර්තාව මෙන්න.
මෙම අතුරු සම්මත ගිණුම මඟින් ලබන වර්ෂයේ මුල් මාස 4ක කාලසීමාව සඳහා දැනට ක්‍රියාත්මක ව්‍යාපෘති සහ රාජ්‍ය සේවාවන් පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය මුදල් වෙන් කිරීම සිදු කරනු ලබනවා.
ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් අතුරු සම්මත ගිණුමක් සකස් කිරීම සඳහා ඉදිරිපත් කළ අදාළ යෝජනාවට පසුගිය නොවැම්බර් මස 25 වන දින අමාත්‍ය මණ්ඩල අනුමැතිය ද හිමි විය.