සභානායක අසුනේ අමුත්තෙක් නිසා පාර්ලිමේන්තුව උණුසුම් වෙයි. - (LIVE VIDEO)
සභානායක බිමල් රත්නායක ගේ ආසනයේ ඔහු නොසිටි අවස්ථාවේදී මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල අසුන් ගැනීම පිළිබඳව ප්‍රශ්න කිරීමෙන් පාර්ලිමේන්තුවේ උණුසුම් තත්ත්වයක් ඇතිවිය.
ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස, හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද පිළිබඳව කතා කරමින් සිටියදී මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල,නලින්ද ජයතිස්ස ගේ ආසනය අසල පිහිටි සභානායකවරයාගේ ආසනයේ අසුන්ගෙන ජයතිස්ස ගේ කතාවට සවන් දෙමින් සිට ඇත.
එම අවස්ථාවේ නැගී සිටි සමගි ජන බලවේගයේ මන්ත්‍රී අජිත් බී පෙරේරා පැවසුවේ සභානායකවරයාගේ ආසනයේ සභා නායකවරයා නොවන පුද්ගලයකු අසුන්ගෙන සිටින බවයි.
එමෙන්ම එය සුදුසු නැති බවත් සම්ප්රදාය නොවන බවත් මන්ත්‍රීවරයා කී අතර සමහර විට නොදන්නාකම නිසා දෙන්න ඇති යයිද ප්‍රකාශ කරනු ලැබුවා.
( මේ අවස්ථාවේදී ඒ ස්ථානයෙන් ඉවත් වීමට සැරසුණු ආනන්ද විජේපාල දෙස හැරී පිටට තට්ටුවක් දමමින් " ආ හරි හරි" යනුවෙන් පැවසුවේය. විජයපාල මහතා නොපමාව ඉන් පිටව ගියා.)