පාර්ලිමේන්තු සභාවාරය පැවැත්වීම ගැන නිවේදනයක්.
Parliament of Sri Lanka
Sri Lanka Parliament
Sri Lanka
By krishani
ලබන 18 වැනිදා සිට 21 වැනිදා දක්වා පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතයි.
ඒ අනුව 18 වැනිදා ආනයන හා අපනයන පාලන පනත යටතේ රෙගුලාසි විවාදයට ගැනෙන අතර 19 වැනිදා දූෂණ විරෝධී පනත් කෙටුම්පතේ කාරක සභා අවස්ථා විවාදය පැවැත්වීමට නියමිතයි.
එමෙන්ම 20 වැනිදා ශ්‍රී ලංකා මහ බැංකු පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය පැවැත්වෙන අතර ඉන්පසු අත්‍යවශ්‍ය මහජන සේවා පනත යටතේ යෝජනා සම්මතය විවාදයකින් තොරව අනුමත කිරීමට නියමිත බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.
කෙසේ වෙතත් 21 වන සිකුරාදා බැංකු විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත දෙවනවර කියවීමේ විවාදය පැවැත්වීමට එකඟතාව පළ වී තිබෙනවා.
