අද පාර්ලිමේන්තුවේ විශේෂ පනත් කිහිපයක් විවාදයට..සජීවී විකාශනය මෙතනින් බලන්න.(LIVE)
අදත් (19) පාර්ලිමේන්තුව පෙ.ව 09.30 ට රැස්වන අතර, පෙ.ව. 09.30 සිට පෙ.ව. 10.30 දක්වා මන්ත්‍රීවරයන්ගේ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා කාලය වෙන්කර තිබෙනවා.
අනතුරුව, පෙ.ව. 10.30 සිට ප.ව. 05.00 දක්වා කාලයේ විශේෂ පනත් කෙටුම්පත් සම්බන්ධයෙන් දෙවැනිවර කියවීම විවාදයට ගැනීමට නියමිතයි.
එම පනත් කෙටුම්පත් වන්නේ,
(i) විෂ වර්ග, අබිං සහ අන්තරායදායක ඖෂධ වර්ග (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම
(ii) නොතාරිස් (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම
(iii) ඇටෝර්නි බලපත්‍ර (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම
(iv) ලේඛන ලියාපදිංචි කිරීමේ (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම
(v) අන්තිම කැමති පත්‍ර (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම
(vi) වංචා වැළැක්වීමේ (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම විවාදයට ගැනීමට නියමිතයි.
ඉන් අනතුරුව, ප.ව. 5.00 සිට ප.ව. 5.30 දක්වා සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න සඳහා කාලය වෙන් කර ඇත.
සජීවී විකාශනය පහතින් නරඹන්න.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |
![ReeCha](https://cdn.ibcstack.com/bucket/6721eaac546d5.webp)