ප්‍රථම වරට පාර්ලිමේන්තුව විදුහල්පතිවරියක් අමතයි..උණුසුම් තත්ත්වයක්..කථානායකත් විරුද්ධ වෙයි..(VIDEO)

Report

පසු ගිය දින කිහිපයේ ම දිවයිනේ විවිධ ප්‍රදේශවල ඇති පාසල් උදෑසන රැස්වීම්වල දී ශිෂ්‍යයන් ක්ලාන්ත වී ඇද වැටුණු සිදුවීම් පිළිබඳ වාර්තා වුණා.

විලච්චිය, තන්තිරිමලේ, මිනුවන්ගොඩ යන ප්‍රදේශවල පාසල්වලිනු යි මෙම සිදුවීම් වාර්තා වුණේ.

මේ පිළිබඳ අද (22) පාර්ලිමේන්තු සැසිවාරයේ දී ද කතාබහට ලක් වුණු අතර, පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් ඒ පිළිබඳ අධ්‍යාපන අමාත්‍යවරයාගෙන් කරුණු විමසා සිටියා.

කෙසේ වෙතත් අදාළ පැනයට පිළිතුරු නඟමින් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පැවසුවේ, මිනුවන්ගොඩ පාසලක සිදු වූ එවැනි සිදුවීමක් පිළිබඳ කිසිදු තොරතුරක් ලැබී නැති බව යි.

තමන් එම විදුහලේ විදුහල්පතිතුමියට කතා කළ බවත් කිසිදු අවස්ථාවක එවැනි දරුවකු ක්ලාන්ත වූ සිද්ධියක් වාර්තා වී නැති බවත් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල එහි දී අවධාරණය කළා.

ඒ බව සනාථ කිරීම සඳහා අදාළ පාසලේ විදුහල්පතිතුමියගේ හඬපටියක් ද අමාත්‍යවරයා පාර්ලිමේන්තුවට මුදා හැරි අතර, කථානායක මහින්ද යාපා අබේවර්ධන එය වළකාලමින් පැවසුවේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට හැර වෙනත් කිසිවකුට පාර්ලිමේන්තුව ආමන්ත්‍රණය කළ නො හැකි බව යි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now