කෝප් සහ කෝපා සභාපතිධූරයන් සමගි ජන බලවේගයට?..

Parliament of Sri Lanka Sri Lanka Parliament
By krishani Aug 15, 2022 02:29 AM GMT
krishani

krishani

Report

නව වන පාර්ලිමේන්තුවේ තෙවැනි සභාවාරයේ රාජ්‍ය ගිණුම් කාරක සභාව හෙවත් කෝපා කමිටුවේ සහ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝපා කමිටුවේ සභාපති ධුරයන් සමගි ජන බලවේගයට ලබාදීමට නියමිත බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේ ය.

ඒ අනුව කෝපා සභාපති ධුරය පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම්ටත්, කෝප් කමිටුවේ සභාපති ධුරය පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්නටත් ලබාදීමට සැළසුම් කර ඇති බව වාර්තා වේ.

කෙසේවෙතත් කළ විමසීමක දී සමගි ජනබලවේගයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා ප්‍රකාශ කළේ මොවුන් දෙදෙනාගේ නම් කථානායකවරයා වෙත යොමුකර ඇති බවය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join