ජනපති අද හදිසියේම කළ වැඩේ මෙන්න..(LIVE VIDEO)

By Aruna Jul 05, 2022 05:17 AM GMT
Report

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද (05) පාර්ලිමේන්තු සැසිවාරය සඳහා හදිසියේ පැමිණ තිබෙනවා.

ඒ පූර්ව දැනුම් දීමකින් තොරවයි.

ජනාධිපතිවරයා මින් පෙර අවසාන වතාවට පාර්ලිමේන්තුවට වාර්තා කළේ, ඉකුත් අප්‍රෙල් 7 වැනි දායි.

මේ අතර ඊයේ පාර්ලිමේන්තුවේ දී සභාව අමතිමින් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ විමසා සිටියේ ජනාධිපතිවරයා සිටියට ඇහැට පෙනෙන්නටවත් නොමැති බවයි.

කෙසේ නමුත් අද පාර්ලිමේන්තුවට පැමිණි ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ දී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අසළ අසුන්ගෙන සිටියා.

තව ද හිටපු අග්‍රාමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ ද අද(05) කලකට පසු පාර්ලිමේන්තුවට පැමිණ සිටියා.



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now