පාර්ලිමේන්තුවේ ප්‍රබල තනතුරකට රාජපක්ෂ වරයෙක් නම් කරයි(LIVE/UPDATE)

Parliament of Sri Lanka Mahinda Yapa Abeywardena Ranil Wickremesinghe Sri Lanka Politician Prime minister
By Aruna May 17, 2022 04:26 AM GMT
Aruna

Aruna

Report

Update 

පාර්ලිමේන්තු නියෝජ්‍ය කථානායක ධූරය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රෝහිණී කවිරත්න සහ අජිත් රාජපක්ෂගේ නම් යෝජනා වී තිබෙනවා.

.......................................

අද පාර්ලිමේන්තුවේ කරන්න හදන විශේෂ දේ මෙන්න.(LIVE)

පාර්ලිමේන්තුව අද පෙරවරු 10.00ට රැස් වනවා.

පැවති අර්බුද මධ්‍යයේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා වැඩ භාර ගැනීමෙන් අනතුරුව පැවැත්වෙන පළමු පාර්ලිමේන්තු රැස්වීම මෙය වනවා.

ඒ අනුව අද දිනයේ පාර්ලිමේන්තුවේ ආසන පැනවීමේදී ද වෙනසක් සිදුවනු ඇති.

මේ අතර අද පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය තීරණය කිරීම සඳහා උදෑසන 8.30 ට පාර්ලිමේන්තු සංකීර්ණයේ දී කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පක්ෂ නායක රැස්වීමක් පැවැත්වීමට නියමිතයි.

ජනාධිපතිවරයාට අප්‍රසාදය පල කිරීම සඳහා විපක්ෂය ඉදිරිපත් කර ඇති යෝජනාව අද විවාදයට ගැනීම සම්බන්ධයෙන් එහිදී අවසන් තීරණයකට එළඹීමට නියමිතයි.

හිස්ව ඇති නියෝජ්‍ය කථානායක ධූරය සදහා මන්ත්‍රීවරයෙකු පත් කර ගැනීමද අද දිනයේ සිදු කිරීමට නියමිතව තිබෙනවා.

සජීවී විකාශනය පහතින් නරඹන්න.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now