පොහොටිටුවෙන් පාර්ලිමේන්තු එන නව මන්ත්‍රී මෙන්න.

Sri Lanka Parliament Jayantha ketagoda Ajithi niwad kabral
By Aruna Sep 13, 2021 05:21 AM GMT
Aruna

Aruna

Report

 රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල්ගේ ඉල්ලා අස්වීමෙන් පසු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ මහතා ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස නම් කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තීරණය කර තිබේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රි සාරග කාරියවසම් මහතා ඒ බව පැවසීය.

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා නිවාස දෙසීයක් ඉදිකිරීම සඳහා වන යෝජනාවක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කර තිබේ.

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යවරයා වශයෙන් මහින්ද රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කර ඇති යෝජනාවේ දැක්වෙන්නේ වියත්පුර නිවාස ව්‍යාපෘතියෙන් නිවාස ලබාදීමටත් මාදිවෙල පිහිටි මන්ත්‍රී නිවාස පිහිටි භූමියේම තවත් නිවාස 200ක් ඉදිකිරීමටත් ය.

නමුත් එම ව්‍යාපෘති සඳහා ජාතික ක්‍රමසම්පාදන දෙපාර්තමේන්තුව විසින් නිර්දේශ ලබා දී නැති නිසා යෝජනාව සංශෝධනය කරන්න නව යෝජනාවක් ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

නිර්දේශ ලබා ගැනීමෙන් පසු නව කැබිනට් සංදේශයක් ඉදිරිපත් කළ හැකි බව අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාව විසින්ද නිර්දේශ කර ඇත.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now