"..ඇමතිකම මොන්ටිසෝරි දරුවෙකුට දෙන්න.." ප්‍රබල ඉල්ලීමක්..!
By Sewvandhi
අද දින(2) පාර්ලිමේන්තුවේ දී පරිසර අමාත්‍ය මොහොමඩ් නසීර් මහතාගෙන් සමගි ජන බලවේග ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා ඉල්ලීමක් සිදු කළා.
එනම් ඔහු කියා සිටියේ ,වැලි ජාවාරම් සම්බන්ධයෙන් චෝදනා එල්ලවී ඇති භූ විද්‍යා හා පතල් කාර්යාංශයේ සභාපති සහ අධ්‍යක්ෂ ජනරාල්වරයාට විරුද්ධව ක්‍රියාමාර්ග ගැනීමට කොන්දක් නැති නම් ඔය ඇමැතිකම මොන්ටිසෝරි දරුවකුට දෙන්නැයි කියයි.
මේ තත්වය ඇතිවී තිබෙන්නේ ඇමතිවරයා එක එක්කෙනාට යටවී සිටීම නිසා බව පැවසූ මන්ත්‍රීවරයා ජනාධිපතිවරයාට පොඩි හෝ ගෞරවයක් තිබුණා නම් ඒ ගෞරවයත් මේ හොරකම් නිසා නැතිවන බවද ප්‍රකාශ කළේය.
වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව අද කැලෑ වෙන්දේසි කරන කොම්පැණියක් බවද ඔහු ප්‍රකාශ කළේය. මාන්නප්පෙරුම මහතා මෙසේ පැවසුවේ වනජීවී අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයේදීය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |