නීතිපති ගැන අහන්න ගිය සජිත්ට පාර්ලිමේන්තුව මැදම අධිකරණ ඇමතිගෙන් නෝන්ඩියක්

Report

නීතිපතිවරයා සම්බන්ධයෙන් අද (23) දින පාර්ලිමේන්තුවේදී කතාබහක් ඇතිව තිබෙනවා. මේ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස නීතිපතිවරයා සම්බන්ධයෙන් ප්‍රශ්න කිහිපයක්ම ආණ්ඩු පක්ෂය වෙත ඉදිරිපත් කිරීමත් දක්නට ලැබුණා.

එහිදී සජිත් ප්‍රේමදාස මහතා විසින් නීතිපතිවරයා පත්කිරීමේ ක්‍රමවේදය ඇතුළු කරුණු කිහිපයක් විමසමින් නීතිපතිවරයා ඉවත්කිරීමට ආණ්ඩුවේ සූදානමක් තිබෙනවාද යන්න විමසා සිටියා.

එමෙන්ම නීතිපතිවරයාගේ ස්වාධීනත්වයට යම් යම් බලපෑම් එල්ල වන බවට තොරතුරු වාර්තා වන බවද ඔහු පැවසුවා.

ඊට ප්‍රතිචාර ලෙස අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතීඥ හර්ෂණ නානායක්කාර මහතා කියා සිටියේ නීතිපතිවරයාට ආණ්ඩුව කිසිදු බලපෑමක් නොකරන බවයි.

මහින්ද රාජපක්ෂව දකුණේ ජනතාව විසින්ම අද එළියට දාලා මහින්ද අපේ දෙවියෝ නෙවේ - අර්ච්චුනාගෙන් මහින්දට සද්දයක්

මහින්ද රාජපක්ෂව දකුණේ ජනතාව විසින්ම අද එළියට දාලා මහින්ද අපේ දෙවියෝ නෙවේ - අර්ච්චුනාගෙන් මහින්දට සද්දයක්

එසේම නීතියේ ස්වාධිපත්‍ය ආරක්ෂා කිරීමට තම ආණ්ඩුව වගකීමෙන් කටයුතු කරන බවද අමාත්‍යවරයා විසින් පෙන්වා දුන්නා. තවද නිලධාරීන් පත්කිරීම සහ ඉවත්කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පැහැදිලිව සඳහන් වන බවත් තම ආණ්ඩුව නීතිය අනුව සෑමවිටම කටයුතු කරන බවද ඔහු ප්‍රකාශ කළා.

අඳාළ පිළිතුරට ස්තුති කරමින් විපක්ෂනායකවරයා ප්‍රකාශ කළේ නීතිපතිවරයා සඳහා පෙනීසිටීම හේතුවෙන් ඔබතුමාටද ප්‍රහාර එල්ලවී ඇති බවයි.

එහිදී, "නීතිපති ආරක්‍ෂා කරනවා යනුවෙන් ඔබතුමාට පහර ගැහුවේ කුමන වෙබ් අඩවිද? ඔබතුමාගේම පාර්ශවයේ වෙබ් අඩවිවලින් තමයි මෙම ප්‍රහාර එල්ල වන්නේ . මේනිසා පරිස්සම් වෙන්න" යනුවෙන්ද විපක්ෂ නායකවරයා සඳහන් කළා.

එයටද ප්‍රතිචාර දක්වමින් අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර ප්‍රකාශ කළේ නීතිපති දෙපාර්තමේන්තුවේ ස්වාධීනත්වය සඳහා ජනාධිපතිතුමා ප්‍රමුඛ ආණ්ඩුවේ 159 දෙනාම පෙනී සිටින බවයි.

ආණ්ඩුවේ ප්‍රබල ඇමතිවරයෙකු ප්‍රසිද්ධ මාධ්‍යවේදිනියක් සමග අනවශ්‍ය ලෙස මැජේස් කරලා - වැඩේ මාට්ටු

ආණ්ඩුවේ ප්‍රබල ඇමතිවරයෙකු ප්‍රසිද්ධ මාධ්‍යවේදිනියක් සමග අනවශ්‍ය ලෙස මැජේස් කරලා - වැඩේ මාට්ටු

එමෙන්ම සමාජ මාධ්‍ය ජාලාවල විවිධ දේ ප්‍රචාරය වන බවත් ඒවා එතරම් ගණන් නොගන්නා ලෙසත් අමාත්‍යවරයා පැවසුවා.

තවදුරටත් ඔහු, "ඕක පොඩි ළමයෙකුට බාරදෙන්න, අලි මන්තර වගේ දේවල් කියමින් ඔබතුමාටත් සමහර සමාජ මාධ්‍ය ප්‍රහාර එල්ල කරනවා" යනුවෙන් පවසමින් සඳහන් කළේ නීතියේ ස්වාධිපත්‍ය වෙනුවෙන් ආණ්ඩුව හැමවිටම ක්‍රියා කරන බවයි.

සියලුම දෙනාට පොලීසියෙන් විශේෂ දැනුම්දීමක්

සියලුම දෙනාට පොලීසියෙන් විශේෂ දැනුම්දීමක්