හෙට සහ අනිද්දා පාර්ලිමේන්තුව ගැන විශේෂ තීරණයක්

Report

පවතින ආපදා තත්ත්වය සැලකිල්ලට ගෙන හෙට(28) සහ අනිද්දා(29) යන දෙදින තුළ පාර්ලිමේන්තුවේ අයවැය කාරක සභා විවාදය නොපැවැත්වීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව අද (27) දහවල් පැවැති පක්ෂ නායක රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇති බව සඳහන්.

නැවත පාර්ලිමේන්තුව රැස්වීම එළඹෙන සඳුදා දිනයේදී සිදු කිරීමට නියමිත අතර සඳුදා සහ අඟහරුවාදා යන දෙදින තුළ පාර්ලිමේන්තුව රාත්‍රිය දක්වාම පැවැත්වීමට මෙහිදී තීරණය කර තිබෙනවා.

දිවයිනේ පීඩාවට පත් ජනතාවට කඩිනමින් සහන - වන්දි ලබාදීමේ ක්‍රමවේදයකුත්

දිවයිනේ පීඩාවට පත් ජනතාවට කඩිනමින් සහන - වන්දි ලබාදීමේ ක්‍රමවේදයකුත්

එබැවින් සඳුදා සහ අඟහරුවාදා දිනයන්වල උදෑසන 9 සිට පස්වරු 6 දක්වා එදිනට නියමිත විවාදය පැවැත්වෙන අතර සවස 6 සිට රාත්‍රිය දක්වා හෙට සහ අනිද්දා යන දෙදින තුළ පැවැත්වීමට සැලසුම් කර තිබූ විවාදය සිදුකෙරෙනු ඇති බව පවසයි.

කාලගුණය දැඩි ලෙස දරුණු වේ - සියලු දිස්ත්‍රික්කවල මන්ත්‍රීවරුන්ට ජනපතිගෙන් කැඳවීමක්

කාලගුණය දැඩි ලෙස දරුණු වේ - සියලු දිස්ත්‍රික්කවල මන්ත්‍රීවරුන්ට ජනපතිගෙන් කැඳවීමක්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හදිසියේ රෝහල් ගත කරයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හදිසියේ රෝහල් ගත කරයි