රජයට ලක්ෂ 40ක පාඩුවක් කළ බේරුවල හිටපු සභාපති අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට
By Aylin Zoya
රජයේ නියමිත කාර්ය පටිපාටියෙන් බැහැරව කටයුතු කරමින් වෙනත් පාර්ශ්වයකට වාසි සැලසීම හරහා රජයට රුපියල් ලක්ෂ 40කට අධික පාඩුවක් සිදුකළ බවට එල්ල වී ඇති චෝදනාවක් සම්බන්ධයෙන් බේරුවල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ප්‍රසන්න සංජීව මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
දූෂණය කිරීමේ වරදක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් හිටපු සභාපතිවරයා අද (15) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වේ.