පහළ වායුගෝලයේ කැළඹිල්ල තවත් වැඩිවෙයි- පළාත් රැසකට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි

Report

ශ්‍රී ලංකාව ආසන්න පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් ඉදිරි පැය 36 තුළ දිවයිනේ ප්‍රදේශ රැසකට විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

අද පස්වරු 4.00ට නිකුත් කළ කාලගුණ අනාවැකියට අනුව, බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව, නැගෙනහිර සහ දකුණු පළාත්වල අහස වලාකුළින් බරව පවතින අතර, එම ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය.

එම පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇතිවීමේ හැකියාවක් පවතින බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. දිවයිනේ සෙසු ප්‍රදේශවලද පස්වරු 1.00න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව අනාවැකියේ දැක්වේ.

ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවලදී තාවකාලිකව තද සුළං ඇතිවිය හැකි අතර, අකුණු අනතුරු සිදුවීමේ අවදානමක්ද පවතී.

ඒ අනුව, ගිගුරුම් සහිත වැසි පවතින අවස්ථාවලදී ආරක්ෂිත පියවර අනුගමනය කරන ලෙසත්, තද සුළං සහ අකුණු හේතුවෙන් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.

මෙතෙක් පැවැති කාලගුණ තත්ත්වය වෙනස් කරමින් මේ ප්‍රදේශවල වායුගෝලයේ වෙනසක්

මෙතෙක් පැවැති කාලගුණ තත්ත්වය වෙනස් කරමින් මේ ප්‍රදේශවල වායුගෝලයේ වෙනසක්

පැය 24කට නායයෑම් අවදානමක්- දිස්ත්‍රික්ක 3ක ජනතාවට විමසිලිමත් වන්නැයි දැනුම්දෙයි!

පැය 24කට නායයෑම් අවදානමක්- දිස්ත්‍රික්ක 3ක ජනතාවට විමසිලිමත් වන්නැයි දැනුම්දෙයි!

Gallery