පවුල් ලක්ෂ 5කට පිරිසිදු ජලය ලබා දෙන කළුගඟ ජල ව්‍යාපෘතිය කඩිනමින් ඇරඹේ

Report

කළුතර සහ කොළඹ දිස්ත්‍රික්කවල පවුල් ලක්ෂ 5කට පමණ පානීය ජල අවශ්‍යතා සපුරාලීම අරමුණු කරගත් කළුගඟ ජල ව්‍යාපෘතිය කඩිනමින් ආරම්භ කර නියමිත කාලසීමාව තුළ අවසන් කිරීම සම්බන්ධයෙන් දීර්ඝ සාකච්ඡාවක් පවත්වා තිබේ.

නිවාස, ඉදිකිරීම් සහ ජලසම්පාදන අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාව පැවැත්විණි.

ජයිකා ණය ආධාර යටතේ ක්‍රියාත්මක කිරීමට නියමිත මෙම ව්‍යාපෘතිය මගින් දිනකට ඝන මීටර් 140,000ක ධාරිතාවකින් යුත් නව ජල පිරිපහදු මධ්‍යස්ථානයක්, ජල ගබඩා කුලුනු සහ අවශ්‍ය නළ පද්ධති ඇතුළු යටිතල පහසුකම් රැසක් ඉදිකිරීමට නියමිතය.

ව්‍යාපෘතියේ සමස්ත ඇස්තමේන්තුගත වියදම රුපියල් බිලියන 73ක් වන අතර, එය නියමිත කාලසීමාව තුළ අවසන් කර ජනතාවට කඩිනමින් ප්‍රතිලාභ ලබාදීම සම්බන්ධයෙන් රජය විශේෂ අවධානය යොමු කර තිබේ.

අර්චුනාගේ ප්‍රකාශයෙන් දේශපාලන පිටිය ගිනිගනී - නීතිමය පියවර ගැනීමට සූදානම්

අර්චුනාගේ ප්‍රකාශයෙන් දේශපාලන පිටිය ගිනිගනී - නීතිමය පියවර ගැනීමට සූදානම්

ශ්‍රී ලංකාවේ ජයිකා ප්‍රධාන සම්බන්ධීකාරක Honzu Shigeo මහතා ඇතුළු ජයිකා නියෝජිත පිරිසක් සමඟ නිවාස, ඉදිකිරීම් සහ ජලසම්පාදන අමාත්‍යාංශයේදී පැවති මෙම සාකච්ඡාවට අමාත්‍යාංශ ලේකම්වරයා, ව්‍යාපෘති අධ්‍යක්ෂවරයා සහ ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ නිලධාරීහුද සහභාගී වූහ.

ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේදී ඇතිවිය හැකි ප්‍රමාදයන් අවම කරගනිමින්, අදාළ සියලු පාර්ශ්වයන් අතර සමීප සම්බන්ධීකරණයකින් කටයුතු කිරීමේ අවශ්‍යතාවද මෙහිදී අවධාරණය කර තිබේ.  

වී මිලදී ගැනීමට තවත් රුපියල් මිලියන 2,500ක අමතර අරමුදල් අනුමතයි

වී මිලදී ගැනීමට තවත් රුපියල් මිලියන 2,500ක අමතර අරමුදල් අනුමතයි