දෙහිවල මල් කැකුළු දෙකක් බිලිගත් ඛේදවාචකයේ ප්රධාන සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට
By Malith Madushan
දෙහිවල, කවුඩාන ප්රදේශයේ සිරිසංඝබෝ මාවතේ පිහිටි නිවසකට බෝම්බයක් විසි කිරීමේ සිද්ධියට සම්බන්ධ ප්රධාන සැකකරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අදාළ බෝම්බ ප්රහාරයෙන් එම නිවසේ සිටි දරුවන් දෙදෙනෙකු මියගොස් ඇති අතර, ඔවුන්ගේ පියාද තුවාල ලබා තිබුණි.
මේ අතර, ප්රහාරය සඳහා ප්රධාන සැකකරු රැගෙන ආ පුද්ගලයාද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරමින් පවතී.