වී මිලදී ගැනීමට තවත් රුපියල් මිලියන 2,500ක අමතර අරමුදල් අනුමතයි

Report

2026 යල කන්නයේ වී අස්වනු මිලදී ගැනීමේ වැඩසටහන කඩිනම් කිරීම සඳහා වී අලෙවි මණ්ඩලයට තවත් රුපියල් මිලියන 2,500ක මුදලක් ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

2026 යල කන්නයේ වී මිලදී ගැනීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය යටතේ වෙන් කර තිබූ ප්‍රතිපාදනවලින් රුපියල් මිලියන 6,000ක් මීට පෙර වී අලෙවි මණ්ඩලය වෙත ලබාදී තිබිණි.

එම මුදල් යොදා ගනිමින් මේ වන විට වී මිලදී ගැනීමේ කටයුතු සිදුකරමින් පවතින බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළේය.

ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා ජ්‍යෙෂ්ඨ පුරවැසි හැඳුනුම්පත් නොමිලේ - මෙන්න විස්තරේ

ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා ජ්‍යෙෂ්ඨ පුරවැසි හැඳුනුම්පත් නොමිලේ - මෙන්න විස්තරේ

කෙසේ වෙතත්, අනුරාධපුර, පොළොන්නරුව, පුත්තලම, මන්නාරම සහ මුලතිව් යන දිස්ත්‍රික්කවල මෙන්ම මහවැලි B, C සහ H කලාපවල වී අස්වනු නෙළීම තවමත් අවසන් වී නොමැති බැවින්, එම ප්‍රදේශවල වී මිලදී ගැනීම සඳහා දැනට වෙන් කර ඇති ප්‍රතිපාදන ප්‍රමාණවත් නොවන බව නිරීක්ෂණය වී තිබේ.

ඒ අනුව, 2026 යල කන්නයේ වී අස්වනු මිලදී ගැනීමේ කඩිනම් වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශයට ලබාදී ඇති රුපියල් මිලියන 7,500ක අමතර ප්‍රතිපාදනවලින් තවත් රුපියල් මිලියන 2,500ක් වී අලෙවි මණ්ඩලය වෙත ලබාදීමට තීරණය කර ඇත.

ප්‍රතිපූරණය කිරීමේ පදනම මත මෙම මුදල වී අලෙවි මණ්ඩලයට ලබාදීම සඳහා කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.  

සා.පෙළ සඳහා නව නීතියක් - මේ විෂයින් සමඟ විෂයන් ගණන අඩු කරයි

සා.පෙළ සඳහා නව නීතියක් - මේ විෂයින් සමඟ විෂයන් ගණන අඩු කරයි

හිටපු හමුදාපති ශවේන්ද්‍ර සිල්වාගෙන් ප්‍රකාශයක් - අන්තිම සටනේදී පීඩාවට පත් වූ සියලුම ප්‍රජාවන් වෙනුවෙන්

හිටපු හමුදාපති ශවේන්ද්‍ර සිල්වාගෙන් ප්‍රකාශයක් - අන්තිම සටනේදී පීඩාවට පත් වූ සියලුම ප්‍රජාවන් වෙනුවෙන්