සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය යළි විවෘත කරන බවට ප්‍රකාශයක්..
Ministry of Education
Parliament of Sri Lanka
Sri Lanka
By Aruna
මාස 2 කට පෙර
සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයය යළි විවෘත කළ හැකි බව හිටපු උසස් අධ්‍යාපන අමාත්‍යවරයකු වන එස්.බී.දිසානායක මහතා පවසනවා.
ඒ, අද (01) පාර්ලිමේන්තුව අමතමින්. පාසල් අධ්‍යාපනය හා උසස් අධ්‍යාපනය පිළිබඳ පාර්ලිමේන්තුවේ සංවාද කිහිපයක් ම ඇති වුණා.
එහි දී ජනාධිපතිවරයා හා පක්ෂ-විපක්ෂ නියෝජිතයන් කිහිප දෙනෙකු ම ඒ පිළිබඳ අදහස් දැක්වුවා. එස්.බී දිසානායක පැවසුවේ, සයිටම් ආයතනය නිත්‍යානුකූල බවට අධිකරණයෙන් තීන්දුවක් ලැබී ඇති බවත් ඕනෑ නම් එය යළි විවෘත කළ හැකි බවත් ය.
''තමුන්නාන්සේලා කැමැති නම් අපි ආයෙත් සයිටම් පටන් ගමු'' යනුවෙන් එස්.බී.දිසානායක අවධාරණය කළා.
මෙරට පෞද්ගලික විශ්වවිද්‍යාල ඇති කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කාවින්ද ජයවර්ධන, ලක්ෂ්මන් කිරිඇල්ල යන අය ද සිය කැමැත්ත පළ කළා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |