පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලැබෙන වරප්‍රසාද ගැන අලුත්ම ආරංචිය මෙන්න.

Parliament of Sri Lanka Sri Lanka Politician Political Development
By Aruna Nov 30, 2024 05:52 AM GMT
Aruna

Aruna

Report

මන්ත්‍රීවරුන්ට හිමි වරප්‍රසාද මෙතෙක් කප්පාදු කර නැති බැවින් ඒ ආකාරයෙන්ම ලබා දෙන බව පාර්ලිමේන්තු මහ ලේකම්, කුෂානි රෝහණධීර මහත්මිය සඳහන් කර සිටිනවා.

මේ වනවිට මන්ත්‍රී නිවාස ලබාගැනීම සඳහා අයදුම්පත් 35ක් ලැබී ඇති බවයි ඇය සදහන් කර සිටියේ.

මහ ලේකම්වරිය පැවසුවේ, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් නැවත භාරදුන් නිවාස 25ක් – 30ක් පමණ ප්‍රමාණයක් මේ වනවිට අලුත්වැඩියා කටයුතු සිදුකරන බවත් මන්ත්‍රී ප්‍රමුඛතාවය අනුව එම නිවාස ඉදිරියේ දී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත ලබාදෙන බවයි.

108ක් වූ සම්පූර්ණ නිවාසවලින් 80ක් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් සඳහාත් 28ක් විපක්ෂයේ මන්ත්‍රීවරුන් සඳහාත් වෙන්කර තිබේ.

පාර්ලිමේන්තු මහ ලේකම් කුෂාණි රෝහණධීර මහත්මිය වැඩිදුරටත් සඳහන් කළේ, පාර්ලිමේන්තුවේ සිට කිලෝමීටර් 40කට වඩා දුරකින් නිවස පිහිටා ඇති මන්ත්‍රීවරුන්ට ඒ සඳහා අයදුම්පත් යොමුකළ හැකි බවයි.

ReeCha