බාලවයස්කාර පාසල් සිසුවියකගේ බෑගයේ තිබී උපත්පාලන පෙති හමුවෙයි - විමර්ශනවලදී හෙළිවූ ඇඟ හිරිවැටෙන කතාව..ගුරුවරයෙකුත් අත්අඩංගුවට..!

Sri Lanka Sri Lanka Police Investigation Child Abuse Crime
By Sewvandhi Dec 01, 2022 12:42 PM GMT
Sewvandhi

Sewvandhi

Report

10 ශ්‍රේණියේ ඉගෙනුම ලබන පහළොස් හැවිරිදි දැරියක් දූෂණය කළ බවට 24 හැවිරිදි උපකාරක පන්ති ගුරුවරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. එනම් පන්නල ප්‍රදේශයේ උපකාරක පංති ගුරුවරයෙකුයි මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ.අදාළ ගුරුවරයා කුලියාපිටිය මහේස්ත‍්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ මස 15 දක්වා රක්‍ෂිත බන්ධානාගාර ගත කරන ලෙස නියෝග කර තිබෙනවා.මෙම ගුරුවරයා දංකොටුව, වෙන්නප්පුව, මාකදුර ආදී ප‍්‍රදේශ රැසක විද්‍යාව විෂය ඉගැන්වීම් කරනු ලබන බවද සඳහන්. 

 පන්නල පොලිස් ළමා හා කාන්තා කාර්යංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂිකා සාවිත‍්‍රි සිරිමාන්න මහත්මිය අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ පන්නල පොලිස් වසමේ විදුහලකින් සිසුවියක් සන්තකව තිබී උපත් පාලන පෙති විශේෂයක බහාලූමක් හමු වූ බවයි ඒ සම්බන්ධයෙන් දිගින් දිගටම සිදු කළ විමර්ශයන්ගෙන් අනතුරුව පොලිසිය දැරියන් අධිකරණ වෛද්‍යවරයා හමුවට ඉදිරිපත් කොට යළි ප‍්‍රශ්න කිරීමේදී එක් දැරියක් දිගින් දිගටම මෙම සැකකාර උපකාරක පන්ති ගුරුවරයා විසින්  දූෂණ සිදුකර ඇති බවට තොරතුරු අනාවරණය වූ බවද සඳහන්.

උපකාර පන්තිය සම්බන්ධයෙන් සකස් කර තිබූ වට්ස්ඇප් සමූහයකින් සැකකරු විසින් දැරියගේ අංකය සොයාගෙන යම් යම් පෙළඹවිම් සිදුකර ඇති බවටද තොරතුරු අනාවරණය වී තිබෙනවා. එහිදී සැකකාර ගුරුවරයා දංකොටුව ප‍්‍රදේශයේ තවත් පන්තියක ඉගැන්වීම් කටයුතුවල නිරතව සිටියදීම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන බවද පැවසූ පොලිසිය ඇප ලබාදීම සම්බන්ධව පොලිසියේ දැඩි විරෝධතාවයද ප්‍රකාශ කළා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now