පකිස්තානයෙන් ඉන්දියාවට ප්‍රතිප්‍රහාර….ගුවන් කලාපත් වසා දමයි...

By Hashini May 10, 2025 06:31 AM GMT
Report

විදේශ මාධ්‍ය පවසන්නේ ඉන්දීය හමුදා විසින් එල්ලකළ මිසයිල ප්‍රහාරවලට ප්‍රතිප්‍රහාර එල්ලකිරීමට පාකිස්තානය මෙහෙයුමක් ආරම්භකර ඇති බවයි.

පාකිස්තානයේ ආරක්ෂක ආරංචි මාර්ග උපුටා දක්වමින් විදේශ මාධ්‍ය පැවසුවේ, ඉස්ලාමාබාද් නගරයෙන් පිටත ගුවන් හමුදා කඳවුරු තුනක් ඇතුළු ප්‍රදේශ කිහිපයකට ඉන්දියාව විසින් මිසයිල ප්‍රහාර එල්ලකළ බවයි.

ඒ අනුව ඉන්දීය පරිපාලන කාශ්මීරයේ ශ්‍රීනගර් නගරයේ පිපිරීම් ඇසුණු බවද වාර්තා වේ.

එමෙන්ම ශ්‍රීනගර් සිට කිලෝමීටර් 100ක් පමණ දුරින් පිහිටි උරි හි ලගාමා ගම්මානයට පාකිස්තානය විසින් කාලතුවක්කු ෂෙල් වෙඩි ප්‍රහාරයක්‍ එල්ලකර ඇත.

කොටහේනේ දැරියගේ මිය යාම සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශණ

කොටහේනේ දැරියගේ මිය යාම සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශණ

එම ප්‍රහාරයෙන් ප්‍රදේශවාසියෙකුගේ නිවසක් සම්පූර්ණයෙන්ම විනාශ වී තිබෙනවා.

පාකිස්තානය සිය ගුවන් කලාපය අද අළුයම 3.15 සිට දහවල් 12 දක්වා කාලය තුළ සියලුම ගුවන් ගමන් සදහා වසා දමා තිබෙනවා. එරට සිවිල් ගුවන් සේවා අධිකාරිය මෙම නිවේදනය නිකුත්කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

රාවල්පින්ඩි හි නූර් ඛාන් ගුවන් කඳවුර අසල සහ ලාහෝර් හි ස්ථාන කිහිපයක ඊයේ (09) සවස් කාලයේ පිපිරීම් වාර්තා වීමත් සමග මෙම ගුවන් කලාපය වසා දමා තිබෙනවා. 

ටීචර් අම්මාගේ පහර දීමෙන් තරුණයෙක් රෝහලේ....

ටීචර් අම්මාගේ පහර දීමෙන් තරුණයෙක් රෝහලේ....