අමානුෂික ලෙස මරා දැමුණු ලාංකිකයාගේ ‘වීඩියෝව නිසා’ අවාසනාවන්ත තත්ත්වයක්(VIDEO)

SINHALA NEWS SRILANKA NEWS PAKISTHAN MURDER
By Gagana Dec 05, 2021 12:36 AM GMT
Gagana

Gagana

Report

තම සැමියා අහිංසක පුද්ගලයෙකු නිසා මෙරට ජනාධිපතිවරයාගෙන් සහ පාකිස්ථානයේ අගමැතිවරයාගෙන් මේ සිද්ධියට සාධාරණය බලාපොරොත්තු වන බව පාකිස්ථානයේ සියල්කොට් හි අමානුෂික ලෙස පහර දී ඝාතනය කර ඇති ගණේමුල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි ප්‍රියන්ත කුමාර මහතාගේ බිරිඳ සඳහන් කරනවා.

ඇය කියා සිටින්නේ අන්තර්ජාලයෙන් තමන් සිදුවීම දුටු බවයි.

“මම ඉන්ටර්නෙඩ් එකෙන් සිද්ධිය දැක්කා. මගේ සැමියා අහිංසක කෙනෙක්. මම අපේ ජනාධිපතිතුමාගෙන් සහ පාකිස්ථානයේ අගමැතිතුමාගෙන් මේ සිද්ධියට සාධාරණය බලාපොරොත්තු වෙනවා. මට මේ සිද්ධිය දරාගන්න බෑ.”

මේ අතර ප්‍රියන්ත කුමාරගේ ඝාතනය පිළිබඳව දැක්වෙන වීඩියෝව අන්තර්ජාලයෙන් ඉවත් කරන ලෙස ඔහුගේ පවුලේ සාමාජිකයන් සමාජ ජාල ක්‍රියාකාරීන්ගෙන් ඉල්ලා සිටිනවා.

මියගිය පුද්ගලයාගේ සොහොයුරා ඒ පිළිබඳව කළේ මෙවන් ඉල්ලීමක්.



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....
JOIN NOW