ප්‍රියන්ත ඝාතනය සම්බන්ධයෙන් අද පකිස්ථානයේදි සිදුවන දේ..(PHOTOS)

By Sewvandhi Dec 20, 2021 04:17 AM GMT
Sewvandhi

Sewvandhi

Report

ශ්‍රී ලාංකික කම්හල් කළමනාකරු ප්‍රියන්ත කුමාර දියවඩන පාකිස්තානයේ සියල්කොට් නුවර දී අමානුෂික ලෙස ඝාතනයට ලක්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් පාකිස්තාන පාර්ලිමේන්තුවේදී විවාදය අද(20)දින ආරම්භ වනවා.

එරට අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ තීරණයකට අනුවයි, මෙම විවාදය පැවැත්වීමට නියමිතව ඇත්තේ.

අද සහ අනිද්දා දින මෙම විවාදය පැවැත්වෙන බවටයි, මීට පෙර එරට මාධ්‍ය වාර්තා නිවේදනය කළේ.

මේ අතර ප්‍රියන්ත කුමාර දියවඩන ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට 85 දෙනකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් රක්ෂිත බන්ධනාගාර ගතවයි පසුවන්නේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


GalleryGallery