අවසන් මොහොතේ ලංකාව පැරදෙයි - පාකිස්තානයේ බලාපොරොත්තුත් සුණු විසුණු වෙයි

Report

විස්සයි විස්සයි ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සමඟ පැවැති තරගය ලකුණු 05කින් ජයගැනීමට පාකිස්තාන කණ්ඩායම සමත්ව ඇත.

ඒ අනුව තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ප්‍රථමයෙන් පන්දුයැවීමට තීරණය කළ අතර පන්දුවට පහර දුන් පාකිස්තාන කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 08ක් දැවී රැස්කරගත් ලකුණු සංඛ්‍යාව 212ක්.

තරගයේදී Sahibzada Farhan ලකුණු 100ක් සහ Fakhar Zaman ලකුණු 84ක් ලබා ගත් අතර පන්දුයැවීමේදී දිල්ෂාන් මධුසංඛ කඩුලු තුනක් සහ දසුන් ශානක කඩුලු දෙකක් බිඳ හෙළීමට සමත් විය.

තීරණාත්මක සටනින් ශ්‍රී ලංකාවට ලකුණු 213ක ඉලක්කයක් - අවසන් පූර්ව තරගයට වරම් ලබන්න පාකිස්තානය දැවැන්ත සටනක

තීරණාත්මක සටනින් ශ්‍රී ලංකාවට ලකුණු 213ක ඉලක්කයක් - අවසන් පූර්ව තරගයට වරම් ලබන්න පාකිස්තානය දැවැන්ත සටනක

එමෙන්ම ජයග්‍රහණය සඳහා ලකුණු 213ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමට නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 06කින් දැවී ලබාගැනීමට හැකි වූයේ ලකුණු 207ක් පමණි.

එහිදී දසුන් ශානක පන්දු 31ක් තුළ ලකුණු 76ක් රැස්කරගත්තේ හයේ පහරවල් අට සහ හතරේ පහරවල් 02ක් ද සමඟින්.

එසේම පවන් රත්නායක ලකුණු 58ක් ලබාගැනීමට සමත්කම් දැක්වුවා. කෙසේ වෙතත් පාකිස්තානයට මෙම තරගයේ ශ්‍රී ලංකා ඉනිම ලකුණු 147කට සීමා කිරීමට නොහැකිවීම නිසා තරගය ජයගත්ත ද ඔවුන්ට අවසන් පූර්ව තරගය සඳහා පිවිසීමට හැකිවූයේ නැත.

අවසන් තරගය තව සුළු මොහොතකින් - වෙනස්කම් එක්කම ලංකාව තීරණාත්මක සටනකට

අවසන් තරගය තව සුළු මොහොතකින් - වෙනස්කම් එක්කම ලංකාව තීරණාත්මක සටනකට

ශ්‍රී ලංකාවේ අවසන් තරගය අදයි - තීරණාත්මක තරගය අද පකිස්තානුවන්ට එරෙහිව

ශ්‍රී ලංකාවේ අවසන් තරගය අදයි - තීරණාත්මක තරගය අද පකිස්තානුවන්ට එරෙහිව

ශ්‍රී ලංකාවට අවසන් පූර්ව වටයට වරම් අහිමි කළ නවසීලන්තයත් අවදානමේ - අවසානේ මොහොතේ පරාජයක්

ශ්‍රී ලංකාවට අවසන් පූර්ව වටයට වරම් අහිමි කළ නවසීලන්තයත් අවදානමේ - අවසානේ මොහොතේ පරාජයක්