පහන්තුඩාව වීඩියෝවෙ තරුණයාට භයානක රෝගයක්

By Sewvandhi Sep 03, 2021 08:55 AM GMT
Sewvandhi

Sewvandhi

Report

බෙලිහුල්ඔය පහන්තුඩාව දියඇල්ල අසල අසභ්‍ය වීඩියෝවේ සිටින තරුණයා කොරෝනා ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන තිබේ. ඒ හේතුවෙන් ඔහු නිරෝධයවයට ලක්ව කිරීමට කටයුතු කර තිබේ.

අදාල වීඩියෝවේ සිටිනා යුවලම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත. මහරගම ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි තරුණයෙක් හා ඇල්පිටිය ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි තරුණියක් මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.

එමෙන්ම, රත්නපුර දිස්ත්‍රික්කයේ බලංගොඩ බෙලිහුල්ඔය ප්‍රදේශයේ පිහිටි පහන්තුඩාව දියඇල්ල පසුබිම් කරගනිමින් අසභ්‍ය වීඩියෝ පටයක් නිර්මාණය කිරීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් තරුණයා සහ තරුණිය සම්බන්ධයෙන් තවත් තොරතුරු රැසක් පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබෙනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමාජ ජාල අපරාධ සම්බන්ධ විමර්ශන අංශය විසින් මෙලෙස අත්අඩංගුවට ගනු ලැබ ඇත්තේ මහරගම ප්‍රදේශයේ පදිංචි තරුණයකු සහ ඇල්පිටිය ප්‍රදේශයේ පදිංචි වි තරුණියකයි.

මෙම සැකකාර තරුණිය තාවකාලිකව පන්නිපිටිය ප්‍රදේශයේ නවාතැන්ගෙන සිට ඇති බවත් මොවුන් වෘත්තිය වශයෙන් මෙවැනි අසභ්‍ය වීඩියෝ නිර්මාණය කර ඇති බවට හෙළිවී ඇති බවත් පරිකෂනවලින් හෙළිව ඇති බවයි වාර්තා වන්නේ.

මීමුරේ ප්‍රදේශය පදනම් කරගෙන රූගත කළ අසභ්‍ය වීඩියෝ පටයක් ද මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සොයා ගෙන ඇති අතර එම වීඩියෝවට ද මොවුන් පෙනී සිට ඇති බවයි අද (03) දිනපතා පුවත්පත් ද වාර්තා කර ඇත්තේ.

ඒ සම්බන්ධයෙන් සැකකාර කාන්තාවගෙන් ප්‍රශ්න කිරීමට නියමිත බවත් එම පුවත්පත් වාර්තා කර තිබුණා. අසභ්‍ය ප්‍රකාශන පනත ප්‍රකාරව මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now