වී කිලෝවක මිල වාර්තාගත ලෙස ඉහල යයි..සහල් මිලත් දරාගන්න බැරි තරමට නගී..
සහල් ආනයනය කිරීමේදී කිලෝවකට රුපියල් 65 ක බද්දක් අය කිරීම සහ සහල් ආනයනය කිරීමට ප්‍රමාණවත් කාලයක් නොතිබීම නිසා ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන් රැසක් සහල් ආනයනය නොකිරීමට තීරණය කර ඇතැයි ආනයනකරුවන්ගේ සංගමය අවධාරණය කරනවා.
සහල් කිලෝවක් ආනයනය කිරීමේදී රුපියල් 65 ක බද්දක් අය කිරීම නිසා මෙරටට නාඩු සහල් කිලෝවක් ආනයනය කිරීමට රුපියල් 210 ක පමණ මුදලක් වැයවන බවත්, මේ නිසා ආනයනික නාඩු සහල් කිලෝවක් රුපියල් 220 කට අලෙවි කිරීම නොහැකි බවත් ආනයනකරුවෝ ප්‍රකාශ කරයි.
එමෙන්ම, සහල් ආනයනය සඳහා රජය අවසරය ලබාදී ඇත්තේ මෙමස 20 වැනිදා දක්වා පමණක් බැවින් එම කාලය කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බවද ඔවහු පවසයි.
සහල් තොග ඉන්දියාවේ වරායෙන් නැව්වලට පැටවීමේදී මෙමස 10 වැනිදා හෝ ඊට දින කීපයක් පසුවන බවත්, එවැනි තත්ත්වයක් මත කිසිසේත්ම 20 වැනිදා වන විටදී සහල් ආනයනය කිරීමට නොහැකි බවයි ඔවුහු පවසන්නේ.
මෙම ගැටලු නිසා ආනයනකරුවන් රැසක් සහල් ආනයනය කිරීමට අකැමැත්තෙන් පසුවන බවට තොරතුරු වාර්තා වනවා. වෙළෙඳපොළ ආරංචි මාර්ග පවසන්නේ, මේ නිසා ඉදිරියේදී සහල් හිඟය උග්‍රවීමේ අවදානමක් සහ සහල් මිල ඉහළ යාමේ අවදානමක් පවතින බවටයි.
මේ අතර වී මිල ගණන්ද ඉහළ ගොස් ඇති අතර රතු කැකුළු වී කිලෝවක මිල රුපියල් 170 ක් දක්වා ඊයේ (05) දිනයේදී ඉහළ ගොස් තිබුණා.
රට පුරා නාඩු සහල් හිඟයක් පැවැතියත් නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ නාඩු සහල් කිලෝවක් රුපියල් 250 ත් 255 ත් අතර මිලකට අලෙවි කෙරෙන අතර, එක් අයෙකු මිලදී ගතයුතු අවම සහල් ප්‍රමාණය කිලෝග්‍රෑම් 25 ක් බවයි වාර්තා වූයේ.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් නාඩු සහල් කිලෝවක් සඳහා රුපියල් 220ක පාලන මිලක් පනවා තිබුණද, පාලන මිලට වඩා රුපියල් 30 ත් 35 ත් අතර වැඩි මිලකට මෙම වෙළෙඳසල්වල නාඩු සහල් අලෙවි කෙරේ.
එහි වෙළෙඳුන් කියා සිටින්නේ සහල් තොග වෙළෙඳුන් පාලන මිල ඉක්මවා සහල් තොග තමන්ට අලෙවි කිරීම නිසා මෙලෙස වැඩි මිලට පාරිභෝගිකයන්ට විකිණීමට සිදුවී තිබෙන බවයි.
ලංකා සතොස ශාඛා ජාලයේදී සහල් අලෙවිය සීමා කර ඇති අතර පකිස්ථානයෙන් ආනයනය කරන ලද සුදු කැකුළු සහල් කිලෝවක් රුපියල් 210 ක මිලට අලෙවි කරයි.
එක් පාරිභෝගිකයෙකුට නිකුත් කරන සහල් ප්‍රමාණය ශාඛාවෙන් ශාඛාවට සීමා කර ඇත.
බොරැල්ල ශාඛාවෙන් එක් පාරිභෝගිකයෙකුට සහල් කිලෝ පහක් නිකුත් කරනු ලැබූවත් කොළොන්නාව ඇතුළු ශාඛා කීපයකම එක් පාරිභෝගිකයකුට සහල් කිලෝග්‍රෑම් 10 බැගින් නිකුත් කෙරුණා.
එහි සේවකයෝ කියා සිටියේ,ලංකා සතොස ශාඛාවල නාඩු සහල් අලෙවි කිරීමට නොමැති බවයි.
You May Like This Video
