සජිත් කළ බලපෑම් හෙළි කරමින් හඩ පට එළියට දැමීමට සැරසෙයි..
By Sewvandhi
හිටපු අමාත්‍ය පී. හැරිසන් මහතා ප්‍රකාශයක් කරමින් කියා සිටින්නේ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළකරන බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීමත් සමග විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා තමාට කළ බලපෑම්වලට අදාළ ඇමතුම් හෙළිදරව් කිරීමට සූදානම් බවයි.
ඊයේ (17) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඔහු මේ බව සඳහන් කළේය.
"මම රන්ජන් රාමනායක කෙනෙක් වෙන්න කැමති නැහැ. මාව යවන්න එපා කියලා එතුමා මගේ නෝනට කරපු ආයාචනා මේ ෆෝන් එකේ තියෙනවා රෙකෝඩ් වෙලා. සජිත් ප්‍රේමදාස මහතාගේ අවසරය ලැබෙනවා නම් ඒ ටික මම මාධ්‍යට දෙන්නම්. මාව අයින් කළාට පස්සේ මම ආවේ නැහැ. මමයි අයින්වෙලා ආවේ. නම් කියන්න බැහැ. දැනටමත් 25ක් විතර එකඟතාවයකට ඇවිල්ලා ඉන්නේ."
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |