ඔක්සිජන් අවශ්‍යතාවය හත් ගුණයකින් ඉහළ යයි - රෝගීන් 937කගේ ජීවිත ඔක්සිජන් මත

Oxygen Covid patients corona virua
By Sithumi Aug 29, 2021 12:26 PM GMT
Sithumi

Sithumi

Report

මෙරට කොරෝනා ආසාදිතව සිටින අසාධ්‍ය රෝගීන් සදහා දෛනික ඔක්සිජන් අවශ්‍යතාවය ටොන් 140 ක් බව ඖෂධ නිෂ්පාදන සැපයුම් නියාමන රාජ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

ඒ අනුව සතියකට ඔක්සිජන් ටොන් 300ක් ඉන්දියාවෙන් මෙරටට ආනයනය කිරීමට සැලසුම් කර ඇතැයි එහි අමාත්‍යාංශ ලේකම්වරයා පවසයි. කොරෝනා ව්‍යාප්තිය ට පෙර මෙරට රෝගීන් සඳහා අවශ්‍ය වූ දෛනික ඔක්සිජන් ප්‍රමාණය ටොන් 20ක් බවද ඔහු කියා සිටියේය.

මේ අතර ඔක්සිජන් අවශ්‍ය කරන රෝගීන් 936 දෙනෙකු රෝහල්ගතව සිටින බව සෞඛ්‍ය අමාත්‍යාංශය කොරෝනා සම්බන්ධීකාර වෛද්‍ය අන්වර් හම්දානි මහතා කියා සිටියේය.