මේ දිනවල අත්‍යවශ්‍යම භාණ්ඩයක උපරිම මිල නිර්ණය කෙරේ..?

By Sewvandhi Sep 02, 2021 10:54 AM GMT
Sewvandhi

Sewvandhi

Report

කොරෝනා වෛරසය පැතිර යාමත් සමග ඉහළ ඉල්ලුමක් පවතින ඔක්සිමීටර සඳහා රුපියල් 3000 උපරිම සිල්ලර මිලක් නියම කිරීමට ඖෂධ නිෂ්පාදනය, සැපයිම් හා නියාමන රාජ්‍ය අමාත්‍යංශය තීරණය කර තිබෙනවා.

ඊට අදාළ ගැසට් පත්‍රයද ඉදිරියේදී නිකුත් කිරීමට නියමිතයි. මීට අමතරව ඔක්සිමීටර, ස්වයංක්‍රීය උෂ්ණත්වමාන සහ ඔක්සිජන් සාන්ද්‍රණ මෙරටට ගෙන්වීමට අවසර ලබාදීමේදී දැඩි ලෙස සැලකිලිමත් වන ලෙසටත් ඒවායෙහි ප්‍රමිතිය පිලිබද සොයා බලන ලෙසත් රාජ්‍ය අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

වෙළදපළේ ඉහළ මිලකට අලෙවි වන ප්‍රමිතියෙන් තොර ඔක්සිමීටර පිලිබදව අවස්ථා කිහිපයකදී හිරු ප්‍රවෘත්ති අංශය මගින් කරුණු අනාවරණ කළා.

--------------------------------------------------------------------------

එන්නත් ගන්න ආව ජනතාවට පොලීසියෙන් ගුටි බැට-:

 

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now