කොළඹ දිස්ත්‍රික්කයේ සමස්ත මැතිවරණ ප්‍රතිඵලය නිකුත් කෙරේ..!

Colombo Sajith Premadasa Sri Lanka Election Sri lanka election 2024
By Parami Dissanayake Sep 22, 2024 11:32 AM GMT
Parami Dissanayake

Parami Dissanayake

Report

 2024 ජනාධිපතිවරණයේ කොළඹ දිස්ත්‍රික් සමස්ත ඡන්ද ප්‍රතිපලය මේ වන විට නිකුත් කර තිබෙනවා.

ඒ අනුව,  අනුර කුමාර දිසානායක මහතා ඡන්ද 629,963  ක් ලබාගෙන එම දිස්ත්‍රික්කයේ ඉදිරියේ සිටියි.

එමෙන්ම,සජිත් ප්‍රේමදාස මහතා ඡන්ද 342,108 ක් ලබා ගනිමින් දෙවන ස්ථානයේ පසු වේ.

කෙසේ වෙතත්, රනිල් වික්‍රමසිංහ මහතාට ලබාගත හැකි වූයේ ඡන්ද  281,436 ක් ක් පමණී.

පුත්තලම දිස්ත්‍රික්කයේ සමස්ත මැතිවරණ ප්‍රතිඵලය නිකුත් කෙරේ..!

පුත්තලම දිස්ත්‍රික්කයේ සමස්ත මැතිවරණ ප්‍රතිඵලය නිකුත් කෙරේ..!

2019 ජනාධිපතිවරණය - කොළඹ දිස්තික්කය.

මේ අතර 2019 ජනාධිපතිවරණයේදී කොළඹ දිස්ත්‍රික්කයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරඟ කළ ගෝඨාභය රාජපක්ෂ මහතා 727,713 ක වැඩිම ඡන්ද ප්‍රමාණයක් ලබා ගනිමින් ජයග්‍රහණය කරනු ලැබුවා

. එය එම දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රමාණයෙන් සියයට 53.19%ක්. මෙහිදී ජාතික ප්‍රජාතනත්‍රවාදී පෙරමුණේන් තරග කළ සජිත් ප්‍රේමදාස මහතා ඡන්ද 559,921ක් ලබා ගනිමින් දෙවෙනි ස්ථානයේ පසු වූ අතර එය එම දිස්ත්‍රිකයේ සමස්ත ඡන්ද ප්‍රමාණයෙන් සියයට 40.92% කි.

මෙම දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රමාණයෙන් සියයට 3.93% ලබා ගනිමින් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා තුන්වන ස්ථානයේ පසු වුණා.

ඒ, අනුව ඔහු ලබාගත් සමස්ත ඡන්ද ප්‍රමාණය 251,706 ක්. 2019 කොළඹ දිස්ත්‍රික්කයේ ඡන්ද දායකයන් සංඛ්‍යාව 1,670,403ක් වූ අතර වලංගු ඡන්ද- 1,368,177යි, ඡන්ද - 1,383,510ක් භාවිතා කළ තිබූ අතර ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 15,333යි.

2015 - ජනාධිපතිවරණය- කොළඹ දිස්තික්කය

2019 ජනාධිපතිවරණයේදී කොළඹ දිස්ත්‍රික්කයේ ජාතික ප්‍රජාතනත්‍රවාදී පෙරමුණේන් තරඟ කළ මෛත්‍රීපාල සිරිසේන මහතා 725,073 ක වැඩිම ඡන්ද ප්‍රමාණයක් ලබා ගනිමින් ජයග්‍රහණය කළ අතර එය දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රමාණයෙන් සියයට 55.93%කි.

එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරග කළ මහින්ද රාජපක්ෂ මහතා සමස්ත ඡන්ද ප්‍රමාණයෙන් සියයට 43.40%ක ප්‍රතිශතයක් ලබා ගනිමින් කොළඹ දිස්ත්‍රික්කයෙන් දෙවෙනි ස්ථානයට පැමිණයේ මුළු ඡන්ද 562,614ක ප්‍රමාණයක් ලබාගනිමින්.

මෙවර කොළඹ දිස්ත්‍රික්කයේ ඡන්ද දායකයන් සංඛ්‍යාව 1,572,051ක් වූ අතර වලංගු ඡන්ද- 1,266,085යි, ඡන්ද - 1,281,094ක් භාවිතා කළ තිබූ අතර ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 15,009යි.  

ReeCha