යළිත් හිස ඔසවන ඩෙංගු වලින් බේරීමට උපදෙස්..
'ඩෙංගු ත්‍රී' වෛරස් ප්‍රභේදයේ රෝගීන් වාර්තාවීමේ ශීඝ්‍ර වර්ධනයක් මේ වනවිට දක්නට ලැබෙන අතර ඩෙංගු වළක්වා ගැනීමේ පූර්ව ආරක්ෂණ පියවර වෙත යොමුවීම වැදගත් බව අසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යා, සෛල ජෛව විද්‍යා ආයතනයේ මහාචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසනවා.
ප්‍රතිශක්තිය වර්ධනය කරගැනීමට කටයුතු කිරීම ඩෙංගු ආසාදනය වළක්වාගැනීම සඳහා ඉවහල් වන බවයි මේ අතර රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පෙන්වා දෙන්නේ.
ඩෙංගු වන්, ටූ, ත්‍රී සහ ෆෝ යන කාණ්ඩ හතරෙන් මේ වන විට වැඩි ව්‍යාප්තියට බලපා තිබෙන්නේ 'ඩෙංගු ත්‍රී' නම් වෛරස් කාණ්ඩයේ වන අතර එහි ව්‍යාප්තියේ ප්‍රතිඵලයක් ලෙස 2023 වසරේ අද දිනය දක්වා වාර්තා වී තිබෙන ඩෙංගු රෝගීන් ගණන 30,772 ක්.
පසුගිය වසරේ අප්‍රේල් මාසය තුළදී පමණක් ඩෙංගු රෝගීන් 4,019ක් වාර්තා වී තිබූ අතර මේ වසරේදී අප්‍රේල් මාසයේදී වාර්තාවී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 7,617ක් වන අතර එය පසුගිය වසරට සාපේක්ෂව 89% ක ඉහළයෑමක්.
සමස්ත ඩෙංගු රෝගීන්ගෙන් සියයට 49කට අධික සංඛ්‍යාවක් වාර්තාවන්නේ බස්නාහිර පළාතෙන්. ඒ අනුව බස්නාහිර පළාතේ ඩෙංගු රෝගීන්ගේ වැඩිවීම පාලනය කිරීම සඳහා රාජ්‍ය ආයතනවල සහ මහජනතාවගේ සහයෝගය ඇතිව ඩෙංගු කාර්ය සාධක බලකාය සක්‍රීය කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් ලබාදී තිබෙනවා.
වැඩිම රෝගීන් සංඛ්‍යාවක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තාවන අතර එම දිස්ත්‍රික්කයේ සෑම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යලයක්ම ඩෙංගු අවදානම් මට්ටමේ පවතින බවයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ.
ඩෙංගු මදුරුවන් සාමාන්‍යෙයන් මිනිසුන්ගේ ලේ උරා බීම සිදුකරන්නේ උදෑසන සහ සවස් කාලයේදි වන අතර
එබැවින් මදුරු දෂ්ටනයෙන් වැළැකීමට නම් මදුරු විකර්ෂක භාවිත කරන ලෙස රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ජනතාවට දැනුම් දෙනවා.
එමෙන්ම ප්‍රතිශක්තිය වර්ධනය කෙරෙන සමබල ආහාර වේලක් ගැනීමේ අව්‍යශ්‍යතාවද වෛද්‍යවරුන් පෙන්වා දෙනවා.