මෙරට ප්‍රධාන රෝහලක මතු වුණ බරපතල අර්බුදය - රෝගීන්?.
Sri Lanka
Hospitals in Sri Lanka
By krishani
රිජ්වේ ආර්යා ළමා රෝහලේ සී.ටී ස්කෑන් පරීක්ෂණ සේවාව සම්පූර්ණයෙන්ම ඇණහිට තිබෙනවා.
ඒ බව රජයේ විකිරණ විද්‍යා තාක්ෂණ වේදීන්ගේ සංගමය සඳහන් කළේ ය.
සී.ටී ස්කෑන් යන්ත්‍රයට අදාළ ආයතනය සමග සේවා ගිවිසුම වසර දෙකකින් අලුත් නොකිරීම එහි නඩත්තු කටයුතු බිඳවැටීමට හේතු වී ඇති බව එම සංගමයේ සභාපති චානක ධර්මවික්‍රම මහතා පැවසීය.
කෙසේ වෙතත්, රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජී.විජේසුරිය මහතා කියා සිටියේ සී.ටී ස්කෑන් යන්ත්‍රයේ බැටරි පද්ධතිය සඳහා විකල්ප ක්‍රමවේදයක් ක්‍රියාත්මක කර දින කිහිපයක් තුළ යන්ත්‍රය ක්‍රියාකාරී මට්ටමට ගෙන ඒමට පියවර ගන්නා බවයි.