කොරෝනා අස්සේ තවත් මාරාන්තික වෛරසයක්..188 හමුවෙයි..මොලයට දැඩි හානි.

Corona Indian Nipa viruses
By Aruna Sep 06, 2021 08:46 AM GMT
Aruna

Aruna

Report

මොළයට හානි කරන නිපා දරුවෙක් බිළිගනී මාරාන්තික නිපා වෛරසය ඉන්දියාවේ කේරළ ප්‍රාන්තය තුළ යළි හිස ඔසවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මාරාන්තික නිපා වෛරසය මොළයට බරපතළ අයුරින් හානි කරන බවට හඳුනාගෙන තිබේ.

වවුලන්, ඌරන් හෝ වෛරස ආසාදිත පුද්ගලයන් තුළින් ඍජුවම තවත් අයෙකුට නිපා වෛරසය ආසාදනය විය හැකිය.

පුද්ගලයන් 20 දෙනෙකු පමණ වෛරස ආසාදිතයන් බවට හඳුනාගෙන ඇති අතර 12 හැවිරිදි පිරිමි දරුවෙක් නිපා ආසාදනය වීමෙන් මිය ගොස් ඇත.

ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් 188 දෙනෙක් සෞඛ්‍ය බලධාරීන්ගේ අධීක්ෂණයට යටත් කර ඇති බව ඉන්දීය වාර්තා සඳහන් කරයි.

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් පර්යේෂණ හා සංවර්ධන කටයුතු සිදුකරමින් පවතින ප්‍රමුඛතා රෝග කාරක ලැයිස්තුවට ඉබෝලා, සීකා, මර්ස්, ලස්සා යන වෛරස සමග මෙම නිපා වෛරසයද ඇතුළත් කර තිබේ.

එන්සෙපලයිටිස් සහ මස්තිෂ්ක ප්‍රදාහයට හේතු වන නිපා වෛරසයට එරෙහිව තවමත් එන්නතක් සොයාගෙන නොමැත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now