විදුහල්පති සේවයේ පුරප්පාඩු පුරවන්න නියෝග.
Sri Lanka
Supreme Court of Sri Lanka
Education
By Hashini
ශ්‍රේෂ්ඨාධිකරණය ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ පුරප්පාඩු 4,718 ක් පිරවීමට අදාළව අධ්‍යාපන අමාත්‍යාංශය ගත් පියවර වහා ක්‍රියාත්මක කරන්නැයි, අද (27) නියෝග කරනු ලැබුවා.
එලෙස නියෝග කරනු ලැබුවේ බඳවා ගැනිම්වලට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ, ගොනු කළ තිබූ පෙත්සමේ අතුරු නියෝගය ඉල්ලා අස්කර ගැනිම හේතුවෙනි.
පෙත්සම්කරුවෝ ඒ අනුව තවත් පෙත්සම් කිහිපයක් ඉල්ලා අස්කරගැනීමට කටයුතු කරනු ලැබීය.
ශ්‍රේෂ්ඨාධිකරණය මීට පෙර ගුරුවරුන් බඳවා ගැනිමේ චක්‍රලේඛය අත්හිටුවන ලෙස වාරණ නියෝගයක් නිකුත් කර තිබු අතර එය ද අද ඉවත් කෙරිණ.
අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම් විභාගයට ගැනිණ.
