ආරක්ෂක අංශ ඇතුළු රාජ්‍ය ආයතන වලට ජනපතිගෙන් විශේෂ නියෝගයක්.

Ranil Wickremesinghe Government Of Sri Lanka
By Wayomi Apr 04, 2024 10:54 AM GMT
Wayomi

Wayomi

Report

සිංහල, දෙමළ අලුත් අවුරුදු නිවාඩු කාලයේ ජනතාව අපහසුතාවයට පත් නොවන අයුරින් අත්‍යාවශ්‍ය සේවා හා සෙසු රාජ්‍ය සේවා කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාමට විධිමත් වැඩපිළිවෙළක් සකස් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ නිලධාරීන්ට උපදෙස් දී තිබෙනවා.

ජනාධිපතිවරයා වැඩිදුරටත් දැනුම් දී ඇත්තේ, ජනාධිපති කාර්යාලය, අග්‍රාමාත්‍ය කාර්යාලය, ආරක්ෂක, සෞඛ්‍ය, ප්‍රවාහන, විදුලිබල යන අමාත්‍යාංශ ඇතුළු අදාල ආයතන ඒකාබද්ධව මෙම වැඩපිළිවෙළ සකස් කරන ලෙසයි.

මේ අතර මෙම උත්සව සමයේ රටේ මහජන ආරක්ෂාව තහවුරු කිරීමටත් නීතිය හා සාමය ආරක්ෂා කිරීමටත් පුළුල් වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවන ලෙස ද ජනාධිපතිවරයා ආරක්ෂක අංශ වෙත ද උපදෙස් දී ඇත.

ReeCha