සතියේ මුල්ම දිනයේදී රුපියල ශක්තිමත් වෙයි - අද මෙරට ප්‍රධාන වාණිජ බැංකුවල ඇමරිකානු ඩොලරයේ ගැනුම් සහ විකුණුම් මිල ගණන් මෙන්න

Report

පසුගිය සිකුරාදා දිනයට සාපේක්ෂව අද (23) දිනයේදී මෙරට වාණිජ බැංකු කිහිපයක ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය සුළු වශයෙන් ඉහළ ගොස් තිබේ.

ඒ අනුව, ඇතැම් බැංකුවල ඇමරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 336 සීමාවට ආසන්න අගයක සටහන් වී ඇත.

සෙලාන් බැංකුවේ විනිමය අනුපාතවලට අනුව, ඇමරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 328.50ක් සහ විකුණුම් මිල රුපියල් 337.75ක් ලෙස නොවෙනස්ව පවතී.

NDB බැංකුවේ ඩොලරයක ගැනුම් මිල රුපියල් 328.30 සිට රුපියල් 327.90 දක්වා පහත වැටී ඇති අතර, විකුණුම් මිල ද රුපියල් 337.30 සිට රුපියල් 336.90 දක්වා අඩු වී තිබේ.

මහජන බැංකුවේ (People's Bank) ඇමරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 328.50 සිට රුපියල් 328.45 දක්වාත්, විකුණුම් මිල රුපියල් 336.65 සිට රුපියල් 336.59 දක්වාත් සුළු වශයෙන් පහත වැටී ඇත.

කොමර්ෂල් බැංකුවේ ඇමරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 326.82ක් සහ විකුණුම් මිල රුපියල් 336.75ක් ලෙස නොවෙනස්ව පවතී.

මේ අතර, සම්පත් බැංකුවේ ද ඇමරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 328.75ක් සහ විකුණුම් මිල රුපියල් 336.75ක් ලෙස නොවෙනස්ව පවතින බව වාර්තා වේ.

රුපියල් ලක්ෂ 5 ඉක්මවන ගනුදෙනු ගැන දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන්දැඩි අනතුරු ඇඟවීමක්

රුපියල් ලක්ෂ 5 ඉක්මවන ගනුදෙනු ගැන දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන්දැඩි අනතුරු ඇඟවීමක්

සියලු රාජ්‍ය සේවකයන්ට රු. 25,000ක දීමනාව අවශ්‍යයි - අද රාජ්‍ය ආයතන රැසක් කැළඹෙයි - රාජ්‍ය නිලධාරීන් ගුරු විදුහල්පති ඇතුළු - කළු ඇඳුමින් පාසලට පැමිණෙයි

සියලු රාජ්‍ය සේවකයන්ට රු. 25,000ක දීමනාව අවශ්‍යයි - අද රාජ්‍ය ආයතන රැසක් කැළඹෙයි - රාජ්‍ය නිලධාරීන් ගුරු විදුහල්පති ඇතුළු - කළු ඇඳුමින් පාසලට පැමිණෙයි