'හරක් කටා' ගේ බිරිඳ අල්ලන්න ජාත්‍යන්තර පොලිසියෙන් මෙහෙයුම්.

Sri Lanka Police Sri Lanka
By Wayomi Apr 05, 2023 06:46 AM GMT
Wayomi

Wayomi

Report

සංවිධානාත්මක අපරාධකරුවකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් වන නඳුන් චින්තක වික්‍රමරත්න නොහොත් 'හරක් කටා' ගේ බිරිඳව ජාත්‍යන්තර පොලිසිය හරහා අත්අඩංගුවට ගෙන මෙරටට ගෙන ඒමට අවශ්‍ය කටයුතු සිදුකරමින් පවතින බවයි වාර්තා වන්නේ.

ඉකුත් මස 15 වැනි දින මැඩගස්කර රාජ්‍යයේ දී අත්අඩංගුවට ගත් "හරක් කටා" සමඟ සංවිධානාත්මක අපරාධ කරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන සලිඳු මල්ශිත නොහොත් පානදුර 'කුඩු සලිඳු' මෙරටට රැගෙන එනු ලැබුවා.

උසස් නිලධාරියෙක් කියා සිටියේ, මේ වන විට එම අපරාධකරුවන් දෙදෙනා රඳවා ගැනීමේ නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව රඳවා ගෙන දීර්ඝ ලෙස ප්‍රශ්න කරමින් සිටින බවයි.

එම ප්‍රශ්න කිරීමේදී 'හරක් කටා' නමැත්තාගෙන් අනාවරණය වූ තොරතුරු අනුව වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ඔහුගේ බිරිඳ ජාත්‍යන්තර පොලිසියේ සහයෙන් අත්අඩංගුවට ගෙන මෙරටට ඉතා ඉක්මනින් රැගෙන ඒමට නියමිත බවයි උසස් නිලධාරියා වැඩි දුරටත් කියා සිටියේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

JOIN NOW