සාගරිකා පීලිගත කර මුහුදු බඩ මාර්ගයේ දුම්රිය ධාවනය පස්වරුවේ යළි ඇරඹීමට මෙහෙයුමක්

Report

සාගරිකා දුම්රිය පීලි පැනීමකට ලක් වූ වාද්දූව සහ පිංවත්ත දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගය පිළිසකර කර අද පස්වරුව වනවිට මුහුදුබඩ මාර්ගයේ දුම්රිය කිහිපයක් හෝ ධාවනය කරවීමට උපරිම වශයෙන් උත්සාහ ගන්නා බව දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කර තිබේ.

 දුම්රිය පීලි පැනීමට ලක් වූ ස්ථානය පිළිසකර කිරීම සදහා සිය දෙපාර්තමේන්තුවේ සියළුම කාර්මික හා තාක්‍ෂණික අංශ එක්ව මේ වනවිට අවශ්‍ය කටයුතු සිදුකරමින් සිටින බව එම දෙපාර්තමේන්තුවේ සාමාන්‍යාධිකාරී රවීන්ද්‍ර පත්මප්‍රිය මහතා ප්‍රකාශ කර තිබේ.

මේ හේතුවෙන් එම ස්ථානයෙන් මුහුදුබඩ දුම්රිය මාර්ගයේ මංතීරු දෙකම අවහිර වී ඇත.

සාගරිකා වාද්දූවේදී පීලි පනී

සාගරිකා වාද්දූවේදී පීලි පනී