සෞඛ්‍ය උපදෙස් අනුව අද සිට විවෘත වන සියලු ස්ථාන මෙන්න.

Covid Police Lock down Bank Paliyagoda
By Aruna Aug 23, 2021 06:34 AM GMT
Aruna

Aruna

Report

අද (23) දිනයේ දී සීමිත මූල්‍ය ගනුදෙනු සඳහා සිය ශාඛා විවෘත කර තබන බව බැංකු සමාගම් විසින් නිවේදනය කර සිටී.

මේ අනුව වාණිජ බැංකු කිහිපයක් අද දිනයේ දී සිය ශාඛා විවෘත කර තැබෙන ආකාරය පිළිබඳව සිය සමාජ මාධ්‍ය පිටු හරහා ගනුදෙනුකරුවන් වෙත දැනුම් දී තිබේ.

නිරෝධායන ඇඳිරිනීතිය පනවා ඇති සමයේ සිදුකළ හැකි අත්‍යවශ්‍ය සේවාවන් පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කළ නිවේදනයට අනුව බැංකු විවෘතව තැබෙන අතර ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ බැංකු කටයුතු සිදු කිරීමට ගනුදෙනුකරුවන් දිරිමත් කරන ලෙස දැනුම් දී තිබිණි.

වෙළෙඳ මූල්‍යකරණය, භාණ්ඩාගාර මෙහෙයුම්, නිෂ්කාෂණ කටයුතු, වැටුප් ගෙවීම් කටයුතු වැනි අත්‍යාවශ්‍ය බැංකු සේවාවන් සඳහා පමණක් මෙලෙස බැංකු ශාඛාවන් විවෘත කර තැබෙනු ඇත.

හැකිතාක් ඩිජිටල් බැංකු සේවාවන් භාවිත කරන ලෙස සිය ගනුදෙනුකරුවන්ගෙන් ඒක් ඒක් බැංකු වැඩිදුරටත් ඉල්ලා සිටී.

අදාළ බැංකුවල නිල වෙබ්අඩවියට හෝ නිල සමාජ මාධ්‍ය ජාලා පිටු වෙත පිවිසීමෙන් මේ සම්බන්ධ යාවත්කාලීන තොරතුරු දැනගත හැකිවනු ඇත.

මේ අතර පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණය අද (23) සිට තොග වෙළෙඳාම සඳහා විවෘත කෙරුණි.

එහි ව්‍යාපාරික සංගමය සඳහන් කළේ සෞඛ්‍ය උපදෙස් අනුව වෙළෙඳ සංකීර්ණයේ කටයුතු සිදුකෙරෙන බවය.

පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ ව්‍යාපාරික සංගමයේ සභාපති ජයසිරි වික්‍රමආරච්චි මහතා සඳහන් කළේ, “පෙර පරිදිම තොග වෙළෙඳාම අපි ආරම්භ කළා.

මින් ඉදිරියට සම්පූර්ණයෙන්ම තොග වෙළෙඳාම පමණයි අපි සිදුකරන්නේ.

පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණය ආරක්ෂි ස්ථානයක්.”

මේ අතර දිවයිනේ සියලු විශේෂ ආර්ථික මධ්‍යස්ථාන අගෝස්තු 24 සහ 25 දිනවල තොග වෙළෙඳාම සඳහා විවෘතව තබන බව ඊයේ රජය නිවේදනය කරනු ලැබීය.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


GalleryGalleryGalleryGallery
ReeCha