රට සහ පාසල් විවෘත කිරීම ගැන දැනුම් දීමක්..වැඩේ වෙන්නෙ මෙහෙමයි.

Curfew Sri Lanka Lock down School
By Aruna Sep 10, 2021 04:19 AM GMT
Aruna

Aruna

Report

දෛනික කොරෝනා ආසාදිතයන් වාර්තාවීම දෙදහසකට ආසන්න මට්ටමට පැමිණි පසු දැඩි සෞඛ්‍ය කොන්දේසි යටතේ රට විවෘත කළ හැකි බව රාගම වෛද්‍ය පීඨයේ මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා සඳහන් කරයි.

විද්වත් කමිටුවක මගපෙන්වීම යටතේ පාසල් ක්‍රමක්‍රමයෙන් විවෘත කිරීමට හැකියාව ඇති බවද ඔහු කියා සිටියි.

දැනට පවතින ඩෙල්ටා කොරෝනා රැල්ලෙහි යම් පාලනයක් එළඹෙන මාසය වන විට සිදුවනු ඇතැයි ද විශ්වාස කළ හැකි බවද ඔහු සඳහන් කළේය.

ඒ අනුව කොරෝනා ව්‍යාප්තිය පිළිබඳව දත්ත විශ්ලේෂණයකින් පසු රට විවෘත කිරීම සම්බන්ධයෙන් පැහැදිලි නිගමනයකට පැමිණීමට හැකි වනු ඇති බවද ඔහු කියා සිටියේය.

ජනගහණයෙන් 85%ක් එන්නත්කරණයට ලක් කළ පසු රංචු ප්‍රතිශක්තිකරණය ගොඩනැගී වෛරස ව්‍යාප්තිය සැලකිය යුතු පාලනයක් ඇති වන බවත් එම සීමාවට පැමිණ පැමිණ සති දෙකක් ගිය පසු ප්‍රතිඵල පෙන්නුම් කරනු ඇති බවත් ඔහු තවදුරටත් කියා සිටියේය.

කෙසේ වෙතත් රට සාමාන්‍ය තත්ත්වයට පත් වුවද ජනතාව සෞඛ්‍ය මාර්ගෝපදේශන දිගටම පිළිපැදිය යුතු බවත් ඔහු අවධාරණය කරයි.

කෙසේ නමුත් පාසැල් විවෘත කිරීමට පෙර දරුවන්ට එන්නත් ලබාදීම වැදගත් බවත් උසස් පෙළ පන්ති වල සිට පහළ දක්වා පියවරෙන් පියවර එන්නත් ලබාදිය යුතු බවද ඔහු තවදුරටත් පවසයි.

7 සිට 13 ශ්‍රේණි සිසුන් එන්නත් කිරීම ඇරඹේ 7 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා පාසල් අධ්‍යාපනය ලබන සිසුන්ට කොවිඩ් මර්දන එන්නත කඩිනමින් ලබාදීමට තීරණය කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනවා.

එන්නත් ලබාදීමෙන් පසුව පාසල් යළි විවෘත කළ හැකි බවද හෙතෙම කියයි.

අවුරුදු 12 ත් 18 ත් අතර වයස් කාණ්ඩවල පසුවන මෙම දරුවන්ට ලබාදීමට එන්නත් මාත්‍රා ලක්ෂ හතළිහක් පමණ අවශ්‍ය බවද අමාත්‍යවරයා වැඩි දුරටත් පවසනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


ReeCha