ආරම්භක පිතිකරු අවිශ්ක අතුරුදන් ? - "මුත්තයියාත් ප්‍රසිද්ධියේම විමසුවා."

Parliament of Sri Lanka Wimal Weerawansa Cricket Sri Lanka Cricket Sri Lanka
By Wayomi Nov 09, 2023 12:14 PM GMT
Wayomi

Wayomi

Report

ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය ඉවත් විය යුතු බවට වන ඒකාබද්ධ යෝජනාව පිළිබද විවාදය මේ වනවිට පාර්ලිමේන්තුවේ පැවැත්වෙනවා.

එහිදී ඒ, සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ ප්‍රකාශ කළේ, ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ස්ථාවර ආරම්භක පිතිකරුවන් දෙදෙනෙක් නොමැති බවත්, කණ්ඩායමේ සිටි අවිශ්ක ප්‍රනාන්දුට කුමක් සිදු වූයේ ද යන්න පසුගිය දිනක මුත්තයියා මුරලිදරන් ද ප්‍රසිද්ධියේ විමසා සිටි බවත්ය.

මන්ත්‍රී විමල් වීරවංශ වැඩිදුරටත් අදහස් දැක්වූයේ මෙලෙසින්,

''අවිශ්ක ප්‍රනාන්දුට වෙච්ච දෙයක් හොයාගන්නවත් නෑ.. මේ රටේ විතරයි ක්‍රීඩකයෝ ඔහොම අතුරුදන් වෙන්නේ. වෙන කිසිම රටක මෙහෙම වෙන්නේ නෑ.. තේරීම් කමිටුව තමා මේ විදිහට ක්‍රීඩකයෝ අතුරුදන් වෙන එකට වග කියන්න ඕනේ..ඩොලර් 20,000ක පඩියකුත් අරන් මෙහෙම වෙන්නේ. අවිශ්ක ප්‍රනාන්දු 2019 වර්ල්ඩ් කප් එකේදී සෙන්චරි දෙකක් ගැහුවා.. ඒ නිසා තමා ක්‍රිකට් ක්‍රීඩකයින්ට විශ්වාසයක් නැත්තේ.. හෙට මාව කපයි ද කියලා බයෙන් ඉන්නේ.. ඒකයි ක්‍රීඩකයෝ සමත්භාවය වෙනුවට අසමත්භාවය පෙන්වන්න හේතු වෙන්නේ.''

ReeCha