පාසල් 9 සිට 12 දක්වා අරඹයි..සතියකට දින 06ක් පැවැත්වේ.

Covid Education School Indian Thamilndu
By Aruna Sep 01, 2021 07:48 AM GMT
Aruna

Aruna

Report

සිසුන්ට නිවසේ සිට පාසල් දක්වා පොදු ප්‍රවාහන සේවා නොමිලේ කොරෝනා වසංගතය හේතුවෙන් වසා දමා තිබූ තමිල්නාඩු පාසල් මාස 15කට පසු අද (01දා) සිට යළි ආරම්භ කිරීමට පියවර ගෙන තිබේ.

මුල් අදියර වශයෙන් 9 වන වසරේ සිට 12 වසර දක්වා වූ පන්ති සෞඛ්‍ය නීතිරීතිවලට අනුකූලව ආරම්භ කෙරෙන බව තමිල්නාඩු මහ ඇමැති එම්.කේ. ස්ටාලින් පවසයි.

සතියට දින හයක කාලයක් පාසල්වල අධ්‍යාපන කටයුතු පවත්වාගෙන යාමටත් පූර්ණ සෞඛ්‍ය උපදෙස්වලට අනුකූලව එම කටයුතු පවත්වාගෙන යන ලෙසටත් තමිල්නාඩු ප්‍රාන්ත රජය අධ්‍යාපන බලධාරීන් වෙත උපදෙස් ලබාදී ඇත.

පාසල් සිසුන්ට නිවසේ සිට පාසල් දක්වා පොදු ප්‍රවාහන සේවා මගින් නොමිලයේ ගමන් කිරීමට අවශ්‍ය පහසුකම්ද සලසා තිබේ.

මේ අතර කොරෝනා වසංගතය මධ්‍යයේ වුවත් දිවයිනේ සියලුම දරුවන්ට කිසිදු ගැටලුවකින් තොරව අධ්‍යාපනය ලබාදීමේ ජාතික වැඩසටහනක් අධ්‍යාපන අමාත්‍යාංශය සමඟ ඒකාබද්ධව කඩිනමින් ආරම්භ කරන බව ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා කොළඹ දී ඊයේ (31) පැවසීය.

මාධ්‍ය ආයතන වල ද සහයෝගය ඇතිව සියලුම ශ්‍රේණි වල සියලුම විෂයයන් ආවරණය වන පරිදි මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන බවත් අමාත්‍යරයා සදහන් කළේය.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සහ අමාත්‍යාංශය නිලධාරීන් සමග ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී මේ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා මෙසේද කීය.

“කොරෝනා වසංගතය හේතුවෙන් රටේ අනෙකුත් කටයුතු මෙන්ම දරුවන්ගේ අධ්‍යාපනයටත් විශාල බාධා එල්ල වී තිබෙනවා. මේ සම්බන්ධයෙන් අපි අධ්‍යාපන අමාත්‍යංශය සමග ඒකාබද්ධව විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවා.

මුළුමහත් රටම ආවරණය වන පරිදි සෑම දරුවකුටම සමාන අවස්ථා ලැබෙන පරිදි ජාති ආගම් සංස්කෘතික කිසිදු භේදයකින් තොරව දරුවන්ට අධ්‍යාපනය වෙනුවෙන් අපි සම තලයක් නිර්මාණය කරනවා.

ජනාධිපතිවරයාගේ සෞභාග්‍යය දැක්මේ දී ප්‍රමුඛත්වය හිමි වුණේ රටේ අධ්‍යාපනය වෙනුවෙන්. මේ කටයුතු වේගවත් කිරීමට ජනාධිපති අධ්‍යාපන කාර්ය සාධක බලකායට තවත් බුද්ධිමතුන් අට දෙනෙකු අලුතින් බඳවා ගත්තා.

වසංගතයේ මධ්‍යයයේ වුණත් ඉතාමත් කඩිනමින් මේ කටයුතු සමාප්ත කරලා දරුවන්ගේ අධ්‍යාපනය කිසිදු ගැටලුවකින් තොරව සිදු කරන්න අපි අවස්ථාව උදා කරනවා” යයිද ඔහු එහිදී පැවසීය.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


ReeCha