අද පස්වරුවේ සිදු වන සුවිශේෂී කාර්යය - සිදු වන දේ මෙන්න..

Mahinda Rajapaksha Kurunagaa Meerigma Central highway
By Sewvandhi Jan 15, 2022 02:48 AM GMT
Sewvandhi

Sewvandhi

Report

මධ්‍යම අධිවේගී මාර්ගයේ මිරිගම සහ කුරුණෑගල දක්වා වන දෙවන අදියරේ කොටස අද ජනතා අයිතියට පත්කෙරෙනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් අද පස්වරු 4ට ඇතුගල්පුර පිවිසුම විවෘත වීමට නියමිත යි.

මීරිගම සහ කුරුණෑගල දක්වා ඉදිකර ඇති මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවන අදියරේ දුර කිලෝමීටර් 41 කට ආසන්නයි. පාරිසරික සහ සමාජයීය බලපෑම් අවම වන පරිදි ඉදිකළ මෙම අධිවේගී මාර්ග පථය නාගරික ප්‍රදේශ මඟ හරිමින් හිස් ඉඩම් හරහා ඉදිකර තිබෙනවා.

මංතීරු 4 ක් යටතේ ඉදිකළ මීරිගම සිට කුරුණෑගල දක්වා කොටස ශ්‍රී ලංකාවේ අලංකාරම අධිවේගී මාර්ග කොටස ලෙසට යි හඳුනාගෙන ඇත්තේ.

දේශීය අරමුදල් යොදවා දේශීය කොන්ත්‍රාත්කරුවන් මගින් මෙම මාර්ගය ඉදිකර ඇති බවයි මහාමාර්ග අමාත්‍යාංශයේ මාධ්‍ය ඒකකය සඳහන් කළේ. මී

රිගම, නාකලගමුව, දම්බොක්ක, කුරුණෑගල සහ යග්ග පිටිය යන ස්ථානයේදී මුදල් ගෙවීමේ කවුළු ස්ථාපිත කර ඇති අතර අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් සඳහා වැය කර ඇති මුදල රුපියල් බිලියන 149ක්.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now