ලොව පළමු ට්‍රිලියනපතියා ලෙස එලොන් මස්ක් ඉතිහාසගත වෙයි
ලොව ප්‍රථම ට්‍රිලියනපතියා ලෙස වාර්තාගත ඉතිහාසයක් සනිටුහන් කිරීමට එලොන් මස්ක් සමත් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඒ සමඟම ඔහු සතු ස්පේස්එක්ස් සමාගමේ කොටස් වටිනාකම සියයට 11කින් ඉහළ ගොස් ඇති අතර, කොටස් වෙළඳපොළේ ලැයිස්තුගත වූ පළමු දිනයේදීම එහි කොටසක මිල ඇමෙරිකානු ඩොලර් 150 දක්වා ඉහළ ගොස් ඇත. එම අවස්ථාවේදී කොටස් මිල ඩොලර් 167ක උපරිම අගයකටද ළඟා වී තිබේ.
කොටස් මිල ඉහළ යාමත් සමඟ ස්පේස්එක්ස් සමාගමේ වෙළඳපොළ වටිනාකම ඇමෙරිකානු ඩොලර් ට්‍රිලියන 2.18 දක්වා වර්ධනය වී ඇති බව සඳහන් වේ. එහි කොටස් මිල ඩොලර් 135 සිට ඩොලර් 150 දක්වා ඉහළ ගොස් තිබේ.
මෙම වර්ධනයත් සමඟ ස්පේස්එක්ස් හිමිකරු වන එලොන් මස්ක්ගේ සමස්ත ධනය සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති අතර, ඔහු ලොව ප්‍රථම ට්‍රිලියනපතියා බවට පත්ව ඇතැයි වාර්තා වේ. ඔහුගේ ධනයට ස්පේස්එක්ස් සහ ටෙස්ලා සමාගම්වල ඔහු සතු කොටස් ප්‍රධාන වශයෙන් ඇතුළත් වේ.
එම සමාගම්වලට අමතරව, නියුරලින්ක් සහ ද බෝරින් සමාගම ඇතුළු තවත් ව්‍යාපාර රැසකද එලොන් මස්ක් කොටස් හිමියෙකි.
මීට පෙර 2021 ජනවාරි මාසයේදී, ඇමසන් නිර්මාතෘ ජෙෆ් බෙසෝස් අභිබවා ලොව ධනවත්ම පුද්ගලයා බවට පත්වූයේද එලොන් මස්ක් ය.