අද සිට Online වර්ජනයට එක් වූ අලුත්ම පිරිස මෙන්න.
Education
University
Picketing
Online strike
By Aruna
අද (28) දිනයේ සිට ඔන්ලයින් අධ්‍යයන කටයුතුවලින් ඉවත් වන බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පවසයි.
එහි සභාපති මහාචාර්ය ශාම බන්නැහැක මහතා සඳහන් කළේ, කොතලාවල ආරක්ෂක විද්‍යාල පනතට විරෝධය පළකරමින් එම තීරණය ගෙන ඇති බවය.
අදාළ පනත මඟින් නිදහස් අධ්‍යාපනය පෞද්ගලීකරණය කිරීම සිදුවන බව මහාචාර්ය ශාම බන්නැහැක මහතා සදහන් කළේය.
කෙසේ වෙතත් අදාළ පනත සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බව රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතා පැවසීය.
එම කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත සංශෝධන සහිතව හෝ ගෙන ඒම වළක්වාලිය යුතු බව ජාතික සංවිධාන එකමුතුවේ සංවිධායක වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා සඳහන් කළේය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
