online යන්න මුං හැදූ දරුවෝ (VIDEO)
කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ ඔන්ලයින් හෙවත් මාර්ගගත ක්‍රමවේදය යටතේ ඉගෙනීම් කටයුතු සිදුකිරීමේදී මෙරට සිසු සිසුවියන් මුහුණ දෙන බොහෝ දුක් ගැහැට අප නිරන්තරයෙන් වාර්තා කළා. මේ එම අර්බුදයේ තවත් එක් පැතිකඩක්.
මාර්ගගත ක්‍රමය ඔස්සේ අධ්‍යාපනය ලබන මෙරට ප්‍රදේශ රැසක සිසු දරුවන්ට විශාලතම ගැටලුවක්ව පැවතුණේ අන්තර්ජාල දුරකථන සංඥා නොමැති වීමයි. අන්තර්ජාලය ඔස්සේ දැනුම සොයන ඔවුන් කඳු තරණය කරන ආකාරයත්, කැලෑ පීරණ ආකාරයත් අප අවස්ථා ගණනාවකදී පෙන්වා දුන්නේ, මෙම ගැටලුව කඩිනමින් විසඳීම සඳහා බලධාරීන්ගේ අවධානයට යොමු කරමින්.
නමුත් අප අද ඔබට කියන්නේ ඊට හාත්පසින්ම වෙනස් කතාවක්. මාතලේ, විල්ගමුව, ලේඬියන්ගල දියවර ගම්මානයේ පදිංචි දිනුක මධුෂාන්, නිසල් කලන සහ නිශානි නිහංසා යන මේ දරු දැරියන් මුං හේනක කරන්නේ මොනවාද ? මේ දරුවන් තිදෙනාගේ එකම බලාපොරොත්තුව ජංගම දුරකථනයක් මිලදී ගැනීමයි.
ඒ අනුව ජංගම දුරකතනයක් මිලදී ගැනීමට ඇති එකම විසඳුම වන මුංඇට වගා කිරීම සඳහා මෙම දරුවන්ගේ අවධානය යොමුවුවත්, ඊට මූලික බාධකයක් වන්නේ ජලය සපයා ගැනීමේ අපහසුවයි. සිය දරුවන් අධ්‍යාපනය සඳහා මෙලෙස කෙතරම් වෙහෙසුනත් කථන අපහසුතාවෙන් පෙළෙන ඔවුන්ගේ මව්පියන්ටද ඊට ශක්තියක් වීමට තරම් ආර්ථික හැකියාවක් නැහැ.
කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ මෙරට ළමා පරපුරේ අධ්‍යාපනය අඩපණ වීමට ඉඩ නොදී මාර්ගගත ක්‍රමයෙන් හෝ එම කටයුතු සිදුකිරීමට බලධාරීන් පියවර ගෙන ඇති පසුබිමක, ඊට අවශ්‍ය පහසුකම් සපයා ගැනීමට නොහැකිව අසරණ වන මෙවැනි දරුවන්ට විසඳුම් ලබාදීමද තවත් අභියෝගයක් වී තිබෙනවා.
ඒ දරුවන්ගේ ධෛර්යයට කාගේ හෝ පිළිසරණක් ලැබේ නම් එය සත්‍ය වශයෙන් මහඟු පින්කමක් වනු ඇති.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
