ලංකා ගුරු සංගමයෙන් චෝදනාවක්..

Sri Lanka
By krishani Sep 06, 2022 04:54 AM GMT
krishani

krishani

Report

විදුලිබිල සහ දුරකතන සේවා ගාස්තු ඉහළ දැමීමත් සමඟ ඔන්ලයින් අධ්‍යාපන කටයුතු අඩපණ වී ඇති බව ලංකා ගුරු සංගමය පවසනවා.

බදු ඉහළ දැමීමත් සමඟ දුරකතන සේවා ගාස්තු සියයට 23කින් හෝ සියයට 24කින් ඉහළ යා හැකි බව කොළඹ ඊයේ (05) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ වැඩබලන අධ්‍යක්ෂක ජනරාල් හෙළසිරි රණතුංග මහතා පැවසීය.

මේ හරහා අධ්‍යාපනය ලබන දරුවන්ට මෙන්ම දෙමාපියන්ට ද බලපෑම් එල්ල වී ඇති බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාර්ලින් කොළඹ ඊයේ(05) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join


ReeCha